වැඩි මිලට තෙල් දෙන්න ගිය පිරවුම්හලට වැඩ වරදී

ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන තිබිය දී ඉන්ධන බෙදා හැරීම නවතා ඉන්ධන මිල වැඩි වූ පසු අලෙවි කිරීමේ චේතනාවෙන් ඉන්ධන ලබා දීම නැවතූ ඉන්ධන පිරවුම් හල ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් විසින් අත්පත් කරගත් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඊයේ (24) උදෑසන මෙම ඉන්ධන හලේ ඉතිරිව තිබූ ඉන්ධන ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන් විසින් පැරණි මිලටම අලෙවි කිරීමට කටයුතු කර තිබේ.ඛනිජ තෙල් සංස්ථාව සමඟ ඇති ගිවිසුම් ප්‍රකාරව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අදාළ ඉන්ධනහල පිළිබඳව ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිත බවට බලශක්ති අමාත්‍යවරයාගේ ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?