වැඩිහිටි නිවාසයක ජීවත්වූ හැත්තෑ දෙහැවිරිදි මවක් සිංහල හා හින්දු අලූත් අවුරුද්ද දා පිටිගල පොලිස් වසමට අයත් ගොඩමුණ ප‍්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට පැමිණි මොහොතේ ඥාති දරු මුණුබුරන් විසින් පහරදීම නිසා බරපතළ තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙන බව පුවත්පතක වාර්තා කර තිබෙනවා .
එම පුවත්පතේ සඳහන් වන පරිදි ගුණවතී කරුණාරත්න නමැති මෙම වයෝවෘද්ධ මව ඇයගේ නැගණියගේ දියණියගේ නිවසටයි ගොස් තිබෙන්නේ
එහිදී එම නිවසේ සිටි ඥාති දියණිය හා දියණියගේ සැමියා සහ මුණුපුරන් මෙලෙස ඇයට පහරදී බරපතළ තුවාල සිදුකර තිබෙනවා
මෙම සිද්ධිය සැලවීමත් සමග පිටිගල පොලිස් ස්ථානාධිපති මහේෂ් කරුණාරත්න මහතා නිලධාරි කණ්ඩායමක් සමග අදාළ නිවස වෙත ගොස් මෙම වයෝවෘද්ධ මව බේරාගෙන 1990 ගිලන් රථයක් ඔස්සේ රෝහලට ඇතුළත් කර තිබෙන අතර පහරදීම සිදු කළ ඥාති දියණිය හා ඇයගේ සැමියා ඇතුළුව හතර දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ
සැකකරුවන් ඇල්පිටිය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි
ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධාරණය කෙරුණා




