වැඩිහිටි දීමනාව ජුනි දෙවන සතියෙන් පසු

අස්වැසුම සුබසාධක යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමඟ මෙතෙක් ලබාදුන් වැඩිහිටි දීමනා නතර වී ඇති බවට සමාජ මාධ්‍ය හරහා පළවන වාර්තා අසත්‍ය බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

2024 මැයි මස මෙම දීමනාව ගෙවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 1518 කට වැඩි මුදලක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත නිකුත් කර තිබෙනවා.

තාක්ෂණික ගැටලු හේතුවෙන් එම ගෙවීම් ප්‍රමාද වූ නමුත් මෙම ජුනි මස දෙවන සතියෙන් පසු අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙතින් සාමාන්‍ය ක්‍රමවේදය යටතේ වැඩිහිටි දීමනාව ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙනවා.

එසේම ජුනි මාසයට අදාළ දීමනාව ද එම මාසයේම ගෙවීමට කටයුතු කරනු ලැබෙනවා.

අස්වැසුම ගෙවීම් පද්ධතිය යටතේ අදාළ බැංකු ගිණුමටම ඉදිරියේ දී වැඩිහිටි දීමනාව බැර කිරීමට කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

එහිදී අස්වැසුම දැනටමත් ලැබෙන පවුල්වල සිටින අවුරුදු 70ට වැඩි සියලුදෙනාට වැඩිහිටි දීමනාව හිමිවන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?