ඉන්දීය විදේශ කටයුතු ඇමති අද, ජනපති අනුර හමුවෙයි

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර්, අද (23) දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට නියමිතව තිබෙනවා.

අද (23) පෙරවරුවේ මෙම හමුව පැවැත්වෙන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙම නිල සංචාරයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ඊයේ (22) පස්වරුවේ දිවයිනට පැමිණියා.

අසල්වැසි රාජ්‍යන් පළමුව යන ඉන්දියාවේ ප්‍රතිපත්තිය අවධාරණය කරමින් දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ව්‍යවසනයට පිළියම් යෙදීම සඳහා දියත් කරන සාගර් බන්දු මෙහෙයුමේ ඉදිරි කටයුතු සොයා බැලීම ඔහුගේ මෙම නිල සංචාරයේ අරමුණ වී තිබෙනවා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා නිල සංචාරය නිමාකර අද (23) පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41