වැඩිවන විදුලි ඉල්ලුම වෙනුවෙන් ගල් අඟුරු බලාගාර 2030 දක්වා පවත්වාගෙන යාමට ඉන්දියාව සූදානම් වෙයි

කාලගුණයේ අසීමිත වෙනස්වීම් සහ ගෘහස්ථ භාවිතය ඉහළ යාමත් වැඩි සමාගම් ගණනක්  සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමට ඉඩ සලසා තිබීමත් හේතුවෙන් ඉන්දියාවේ බලශක්ති ඉල්ලුම මෑත මාසවලදී ඉහළ ගොස් තිබෙනවා.

විදුලි ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් 2030 වසර දක්වා ගල් අඟුරු බලාගාර අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ඉන්දීය බලධාරීන් විදුලිබල උපයෝගිතා ආයතනවලින් ඉල්ලා ඇති බව ඉන්දීය බලශක්ති අමාත්‍යාංශයේ දැන්වීමක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළා.

ඉන්දියාව මෙවැනි තීරණයකට එළඹ ඇත්තේ 2030 වසර වන විට ඉන්ධන භාවිතය ක්‍රමානුකූලව අඩු කිරීමට කැපවන බවට තීන්දුකර වසර දෙකකට පසුවයි.

ඉදිරි වසර හතර තුළ අවම වශයෙන් ගල් අඟුරු බලාගාර 81කින් බලශක්ති උත්පාදනය අඩු කිරීමට සැලසුම් කරන බව ඉන්දියාව පසුගිය මැයි මාසයේදී ප්‍රකාශ කර තිබුණා.

නමුත් එහිදී  ගල් අඟුරු බලාගාර 179න් කිසිවක් වසා දැමීමට තීරණය කර තිබුණේ නැහැ.

ගල් අඟුරු භාවිතය ක්‍රමක්‍රමයෙන් අඩු කිරීම සඳහාද ඉන්දියාව විධිමත් කාල සීමාවක් සකසා නැති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

ඉන්දීය මධ්‍යම විදුලිබල  අධිකාරිය විදුලි උපයෝගීතා ආයතන වෙත නිවේදනය කර ඇත්තේ 2030 වන තෙක් කිසිදු තාප විදුලි උත්පාදන ඒකකයක් විශ්‍රාම නොගැන්විය යුතු අතර අවශ්‍ය නම් ප්‍රතිසංස්කරණ හා නවීකරණ කටයුතු සිදු කිරීමෙන් පසු ඒකකවල  පැවැත්ම සහතික කළ යුතු බවයි.

විදුලිබල අමාත්‍යාංශයේ උපදේශකයෙකු ලෙස ක්‍රියා කරන ඉන්දීය මධ්‍යම පරිසර අධිකාරිය, දෙසැම්බර් මස පැවති රැස්වීමකදී කළ දැනුම්දීමක් උපුටා දක්වමින් මධ්‍යම බලශක්ති අමාත්‍යවරයා බලශක්ති අංශවලින් ඉල්ලා සිටියේ පැරණි තාප බලාගාර විශ්‍රාම නොගන්වා  ඒ වෙනුවට අපේක්‍ෂිත ඉල්ලුම් තත්ත්වය සලකා එවැනි ඒකකවල ආයු කාලය වැඩි කරන ලෙසයි.

ලොව දෙවන විශාලතම ගල් අඟුරු පාරිභෝගිකයා, නිෂ්පාදකයා සහ ආනයනය කරන්නා වන ඉන්දියාවේ පුනර්ජනනීය බලශක්ති එකතු කිරීමේ ඉලක්කය 2022 වසරේ දී තුනෙන් එකකින් පමණ අඩු වුණා.

එරට  වාර්ෂික විදුලි නිෂ්පාදනයෙන් හතරෙන් තුනකට ආසන්න ප්‍රමාණයකට දායක කර ගැනෙන්නේ  ගල් අඟුරුයි.

කෙසේ වෙතත් ආන්තික කාලගුණය, ගෘහස්ථ භාවිතය වැඩිවීම, සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමට ඉඩ සලසන සමාගම් සහ කොරෝනා  ආශ්‍රිත සීමාවන් ලිහිල් කිරීමෙන් පසු කාර්මික ක්‍රියාකාරකම් ඉහළ යාම හේතුවෙන් ඉන්දියාවේ බලශක්ති ඉල්ලුම මෑත මාසවලදී ඉහළ ගොස් තිබුණා.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ඉන්දියාවට බලපෑ දැඩි උෂ්ණාධික කාලගුණ තත්වය හමුවේ උපරිම බලශක්ති ඉල්ලුම ගිගාවොට් 207.1ක ඉල්ලුමකට පැමිණ තිබුණේ  බලශක්තිය අවශ්‍යතාවෙහි උච්ඡතම අවස්ථාවට පැමිණෙමින්. එය සැලකුනේ වසර හය හමාරකට පසු ඉන්දියාව මුහුණ දුන් දරුණුතම විදුලි අර්බුදය ලෙසයි.

එහෙත් පසුගිය ජනවාරි 18 වැනි දා විදුලි ඉල්ලුම තවත්  සියයට 1.7කින් ඉහළ ගොස් දිවා කාලයේ සැපයෙන උපරිම ඉල්ලුම ගිගාවොට්  210.6ක් තරම් ඉහළ අගයක් වාර්තා කර තිබුණා.

ඉන්දීය බලශක්තිය උපයෝගීතා ආයතන බලධාරීන් ප්‍රකාශ කරන්නේ මේ වසරේ උපරිම බලශක්ති ඉල්ලුම දැනටමත් 5%කින් ඉහළ ගොස් ඇති බවයි. එය තවත් 3-4%කින් ඉහත ගියහොත් තවත් අර්බුදයක් ලෙස බලා සිටීමට සිදුවනු ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැන් හැමදාම තියෙන්නේ ජිනීවා නාට්‍යය..අපිට යුද්දය කරන විදිය විතරක් නෙවෙයි ආයුධ කිව්වෙත් වෙනත් රටවල්
04:49
Video thumbnail
වැල්ලවත්තේ සැමරීම නවත්වන්න බැරි අය කොහොමද ජාත්‍යන්තර බලපෑම් නවත්තන්නේ
07:12
Video thumbnail
ලංකාවට ගේම දෙන්න ආපු සංවිධානය ලෝකයේ තහනම් සංවිධානයක් කළ හැටි මෙන්න..මුලදි මේක ගොඩක් අමාරු වුණා
03:25
Video thumbnail
සීදුව ස්කාගාර හංදියේ දී තුන්සක රියක් උඩු යටිකුරුවෙයි.."වැස්සත් එක්කනේ..එන ගමන් වැදිලා"
01:27
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:18
Video thumbnail
අමෙරිකාව කිව්වා යුද්දය නවත්තන්න කියලා..මහින්ද රාජපක්ෂ ඒකට විරුද්ධ වුණා
04:22
Video thumbnail
කොටි එක්ක යුද්ද කරන්න එපා..අනිවාර්යෙන් පරදිනවා කියලා කිව්වේ..අවි දුන්නට උණ්ඩ දෙන්න බෑ කිව්වා
06:32
Video thumbnail
හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?
00:33
Video thumbnail
ජනපතිගේ අතින් අල්ලන්න ජනතාව සෙනඟ පීරගෙන එයි
00:47
Video thumbnail
නිකාය මාරු කරපු අම්පිටියේ සුමනරතන හිමිගේ රතු කට්ට පනී..මහින්ද රාජපක්ෂ තමයි රටේ රජා
03:45