වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා වශයෙන් අභියාචනාධිකරණ විනිසුරු ආර්. එම්. සෝභිත රාජකරුණා මහතා පත් කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයාව අද (16) පෙරවරුවේ පත් කරනු ලැබුවා.
මෙම පත් කිරීම ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණා.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස කටයුතු කළ නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා දිවයිනෙන් බැහැරවීම හේතුවෙන් ඒ මහතා නැවත දිවයිනට පැමිණෙන තෙක් මෙම පත්කිරීම සිදුකර තිබෙනවා.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
3
+1
+1
+1
+1