වැට් බදු සංශෝධනයත් එක්ක මිල වැඩිවෙන භාණ්ඩ මොනවා ද?

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වීමත් සමග මේ වනවිට වෙළෙඳපොළ තුළ මතුව ඇත්තේ භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යෑම පිළිබඳ භීතිකාවක්.

කෙසේ වෙතත්, වැට් බද්දට යටත්වන නවතම භාණ්ඩ ලැයිස්තුව මෙතෙක් මුදල් අමාත්‍යංශය ප්‍රකාශය‌ට පත් කර නැහැ.

එවන් තත්ත්වයක් තුළ කළු කඩ වෙළෙඳුන් විසින් වෙළෙඳපොලේ අනවශ්‍ය මිල ඉහළ දැමීමක් සිදු කරමින් සිටින බවද දක්නට ලැබෙනවා.

එතෙක් පැවති භාණ්ඩ හා සේවා බද්ද වෙනුවට 2002 අගෝස්තු මස පළමුවැනිදා සිට එකතු කළ අගය මත​ බද්ද හෙවත් වැට් හඳුන්වා දෙනු ලැබුවා.

මෙම බද්ද භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ සහ බෙදාහැරීමේ ජාලයේ සෑම අදියරකදී ම වර්ධක අගය මත අයකරනු ලබන විවිධ අදියරයන්ගෙන් සමන්විත බද්දක්.

බද්ද අවසාන වශයෙන් පරිභෝජනය කරනු ලබන පාරිභෝගිකයා විසින් දරනු ලබන අතර, ඇතැම් භාණ්ඩ හා සේවා මෙම බද්දෙන් නිදහස් කර තිබෙනවා.

පසුගිය සඳුඳා එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමත් සමග 2024 ජනවාරි මස 01 වැනිදා සිට බදු දැල පුලුල් වන අතර භාණ්ඩ හා සේවා 97ක් මෙම බද්දට යටත් වනු ඇති.

ඒ අනුව අදාළ භාණ්ඩ හා සේවා මත සියයට 18ක නව බද්දක් පැනවෙනවා.

කෙසේ වෙතත්, අදාළ භාණ්ඩ හා සේවා ලැයිස්තුව කුමක්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයක්.

වාර්තා වන අන්දමට පෙට්‍රල්, ඩීසල්, ගෑස්, ගෘහස්ථ සූර්ය බලශක්ති පද්ධති, ජංගම දුරකතන, රසායනික පොහොර, වෛද්‍ය තාක්ෂණික උපකරණ, ශල්‍ය ගෝස්, ආනයනය කෙරෙන ගිලන් රථ, තිරිඟු පිටි, විදුලි ගාස්තු, නූල්, කෘෂිකාර්මික උපකරණ, ළදරු කිරි පිටි, අධ්‍යාපනික සේවා සහ සෞඛ්‍යරක්ෂක සේවා ඇතුළු එකී නොකී බොහෝ දෑ මත මේ වැට් බද්ද පැනවෙනවා.

මෙවැනි වටපිටාවක් තුළ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත සම්මත වීමත් සමගම ඊට අදාළව බදු පැනවෙන නව භාණ්ඩ වර්ග කුමක්ද යන්න සම්බන්ධයෙන් මේ වනවිට මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ලේඛණයක් සකස් කරමින් සිටින බවයි.

නව තීරණයත් සමග අදාළ භාණ්ඩ හා සේවා මිල ගණන් තව තවත් ඉහළ යනු ඇති බවටයි ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවන්නේ.

මේත් සමගම ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය අඩු වී ආර්ථිකය හැකිලීමේ අවදානමක් පිළිබඳව ද ඔවුන් පුරෝකථනය කරනවා.

කෙසේ වෙතත්, ඇතැම් කූට වෙළෙඳුන් මේ වනවිට තමන්ගේ භාණ්ඩ හා සේවාවලට වැට් පැනවෙන බව පවසමින් සිය නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමේ සූදානමක සිටින්නේ මෙවන් පසුබිමක් තුළයි.

මීටත් අමතරව වැට් බදු සංශෝධනයට පෙර සිටම උත්සව සමය ඉලක්ක කරගනිමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ‌බොහෝමයක මිල ගණන් ඉහළ දමා ඇත්තේ ජනතාව තවදුරටත් අසීරුතාවයට පත් කරමින්.

ආර්ථික අර්බුදයත් සමග මෙරට බහුතර ජනතාවගේ ජීවන මට්ටම අවම තලයකට පැමිණි බව නොරහසක්.

නව වසර එළැඹීමත් සමග ඉදිරියේදී ඔවුන්ගේ වියදම් තවදුරටත් ඉහළ යෑම වැළැක්විය නොහැක්කක්.

මේ වනවිටත් ඉහළ ගොස් ඇති භාණ්ඩ හා සේවා මිල ගණන් හමුවේ 2024 නව වසර පිළිබඳ ජනතාව පසුවන්නේ දැඩි අවිනිශ්චිත තත්ත්වයකින්.

එවන් පසුබිමක ජනතාව තවදුරටත් පීඩාවට පත් නොකර අවම තරමින් බද්දට යටත් වන භාණ්ඩ හා සේවා පිළිබඳ හෝ පැහැදිලි නිර්වචනයක් කඩිනමින් ලබා දීම මුදල් අමාත්‍යංශය සතු වගකීමක් නොවේද?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18