Update – ඉරාන ජනාධිපතිගේ අවසන් කටයුතු හෙට – දින 05ක ශෝක කාලයක්

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ සහ ඉරාන විදේශ අමාත්‍ය අමීර් අබ්දුල්ලාහි ඇතුළු මියගිය පිරිසේ අවසන් කටයුතු හෙට (21) දිනයේ ටැබ්රිස් හිදී සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා.

ඉරාන රජයේ නිලධාරින්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ටෙහෙරාන් ටයිම්ස් පුවත් සේවය මේ බව සඳහන් කළා.

මෘත දේහයන් සියල්ල ඊට පෙර ටැබ්රිස් හි අධිකරණ වෛද්‍ය දෙපාර්තමේන්තුව වෙත ගෙන යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර ඉරාන ජනාධිපතිගේ වියෝව වෙනුවෙන් ඉරානය තුළ දින 05ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඉස්ලාමීය විප්ලවයේ නායක අයතොල්ලා අලි ඛමෙනී විසින් මෙම ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර ඉරාන රතු කුරුස සංවිධානය නිවේදනය කළේ හෙලිකොප්ටර් අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත් වූ ඉරාන ජනාධිපතිගේ සහ අනෙක් පුද්ගලයින්ගේ සිරුරු අනතුරට ලක් වූ ප්‍රදේශයෙන් සොයාගත් බවයි.

ඇතැම් සිරුරු පිළිස්සී ඇති බැවින් සිරුරු හඳුනාගැනීම දුෂ්කර වූ බව ඉරාන හමුදා නිලධාරියෙක් පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46