උපන්දිනය දා මහ මඟ අවසන් ගමන් ගිය සාරුජා (ඡායාරූප)

තරුණියක් ගමන් කළ පාපැදියක යුද හමුදා වෑන් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් එම තරුණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වාදරවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි සුදාකරන් සාරුජා නමැති 23 හැවිරිදි තරුණියක්

පුත්තූර් – කනකම්පුලියඩි මාර්ගයේ වීරවානි හන්දියේ දී අද (20) මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණිය අචුවේලි දිසා රෝහලට රැගෙන යමින් සිටිය දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් පසු හමුදා වෑන් රථය ද පෙරළී ගොස් ඇති අතර, එහි රියදුරු ද තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

අනතුර සම්බන්ධයෙන් අචුවේලි පොලිසිය යුද හමුදාව සමඟ පරීක්ෂණ පවත්වනු ලබනවා.

ජීවිතක්ෂයට පත් වූ තරුණියගේ මෘත ශරීරය අචුවේලි දිසා රෝහලේ තැන්පත්කර තිබෙනවා.

අනතුරින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ තරුණියගේ උපන්දිය ද අද දිනයේ යෙදී තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ.

B 5
IMG 20240520 WA0049 1080
B 2
B 4
IMG 20240520 WA0045 1080
B 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34