වාහන වෙළෙදපොළෙන් ඇහෙන අලුත්ම ආරංචිය

ශ්‍රී ලංකාවේ භාවිතයට ගන්නා මෝටර් රථ මේ වන විට රන් හා සමානවී ඇති බව අන්තර්ජාතික ඒඑෆ්පී (AFP) පුවත් සේවය වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසින් මේ වන විට මෝටර් රථ වල මිල නිවාස වල මිලටත් වඩා ඉහළගොස් ඇති බවද ඒඑෆ්පී සම්පාදනය පළකර ඇති නවතම වාර්තාවක සඳහන් කර ඇත.

“මිලියන 22ක ජනතාවක් වාසය කරන දූපත බංකොලොත් භාවයේ අද්දර සිටී, උද්ධමනය අධිකවී ඇති අතර ආහාර, බෙහෙත් සහ ඉන්ධන මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් ඉතිරි කරගැනීම සඳහා රජය “අත්‍යවශ්‍ය නොවන” ආනයන පරාසයක් තහනම් කර ඇත.
මෝටර් රථ වෙළඳපොළේ, මෙම දෙවසරක තහනම විසින්, කර්මාන්තශාලාවලින් නිකුත් කෙරෙන නවතම මෝටර් රථ ශ්‍රී ලංකාවේ මාර්ගවලින් ඉවත් කර ඇති අතර, මංමුලා සහගත ගැනුම්කරුවන්ට පාවිච්චි කරන ලද මෝටර් රථ වෙනුවෙන් ලෝකයේ ඉහළම මිල ගණන් ගෙවීමට බල කරනු ලබයි.” යැයි එම වාර්තාවේ සඳහන් වේ.
වසර පහක් භාවිත කරන ලද ටොයෝටා ලෑන්ඩ් කෘසර් වර්ගයේ ජීප් රථයක් මේ වන විට රුපියල් මිලියන 62.5ක් (ඩොලර් 312,500ක්) වැනි අධික මිලකට අලෙවි වන අතර එය ආනයන තහනමට පෙර පැවැති මිල මෙන් තුන්ගුණයක් බවත් එම මුදලින් මධ්‍යම පාන්තිකයකුට කොළඹ නගරයෙන් සුඛෝපභෝගී මහල් නිවාසයක් මිලදී ගැනීමට හැකියාව පවතින බවත් එම වාර්තාවේ වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වරම ගත්තට පස්සේ කාන්තාරයක් පෙන්නන්න එපා..අපි වැඳි බණද කිව්වේ ? මොකුත් කළේ නැද්ද ?
06:13
Video thumbnail
පාස්කු ඉරිදා සිද්ධිය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් මෙන්න.. විනාශ කරන නායකයින් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුළේ
12:24
Video thumbnail
අද රෑ ඉදන් QR එක නැතුව ජනතාවට පෙට්‍රල් ගහන්න පුළුවන්..ඩීසල්වලට සහනයක් ලැබෙන්නේ නැහැ
04:52
Video thumbnail
ආණ්ඩුව සිංහ හමක් පොරවගත්ත බැටළුවෝ වුණා..මුන් ටික ඔක්කෝටම වැඩිය හපන්
05:59
Video thumbnail
අකුරැස්සේ OIC පාසල් දරුවන්ට කියලා දුන්න පාඩම.."අම්මා දෙයක් කරන්න එපා කිව්වොත් කරන්න එපා දරුවනේ"
05:14
Video thumbnail
බස් නැවතුම්පොළේ වැටුණ දුරකථනය තරුණයාටම ලබාදුන් පොලිස් නිලධාරින්..තරුණයාගේ මුහුණේ තියෙන ඒ සතුට
01:17
Video thumbnail
බැස්ටියන් මාවතේ සිට ගාල්ල දක්වා අලුතෙන් බස්රථ සේවාවක්.."ඇත්තටම මේක පහසුයි..කරපු අයට ස්තූතියි"
04:36
Video thumbnail
බස් එකේ කෑලි හැලෙනවා - කුඩේ කුඩුවෙලා..ටිපර් රථයක් බස් රථයක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:27
Video thumbnail
සජබයේ සභාපති ධුරය සඳහා කබීර් හෂීම් පත් කරයි..සෙට් එක හිනාවෙවී ඉන්න හැටි
00:38
Video thumbnail
"බලන්නකෝ කොච්චර අපිරිසිදුද.."දේශපාලන බලයෙන් පවත්වාගෙන ගිය රිකිල්ලගස්කඩ තානායමට මුද්‍රා තබයි
08:25