කාටවත් අහු නොවී ජපන් වාහනයක් ගන්න ඕනෙද?
එහෙනම් මේ ලිපිය ඔයාට.
ලංකාවට ගෙන්නන වාහන ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්.
ඒ තමයි,
බ්‍රෑන්ඩ් නිව් වාහන සහ රීකන්ඩිෂන් වාහන
ලංකාවට එන බොහොමයක් බ්‍රෑන්ඩ් නිව් වාහන එන්නේ ලංකාවේ ඒ ඒ බ්‍රෑන්ඩ්වලට අදාළ ඒජන්ට්ස්ලා හරහා.
රීකන්ඩිෂන් වාහන බොහොමයක් එන්නේ වාහන සේල් හරහා.
“ඒජන්ට්ස්ලා හරහා බ්‍රෑන්ඩ් නිව් වාහනයක් වැඩි මිලට ගන්නවට වඩා ලාභයි සේල් එකකින් රීකන්ඩිෂන් වාහනයක් ගන්න එක” කියලා මතයක් ලංකාවේ තියෙනවා.
ඒත් ඒ හා සම්බන්ධ වුණු තිරයෙන් පිටිපස්සේ තියෙන අඳුරු කතාවක් ගැන කියන්නයි මේ හදන්නේ.
මෙරටට ඒජන්ස්ට්ලා හරහා ගෙන්වන ජපන් බ්‍රෑන්ඩ් නිව් වාහන සියල්ලම ජපානය කෙලින්ම අපනයනය කරන ඒවා.
මෙරටට ගෙන්වන ජපන් රීකන්ඩිෂන් වාහන බොහොමයක් එන්නේ ජපානයේ තියෙන ඕක්ෂන්වලින් (වෙන්දේසි).
ඒවායේ තියෙන්නේ ජපානය ඇතුළේ පාවිච්චි කරලා අයින් කරපු වාහන සහ අනතුරුවලට පත් වෙලා භාවිතයෙන් ඉවත් කරපු වාහන.
ඉතින් මේවායේ තත්වය අනුව ඒ වාහන වෙන්දේසියෙන් ගන්න පුළුවන්.
ඒකත් එක්ක ලැබෙන Auction Inspection Sheet එකේ වාහනයේ තත්වය ගැන සම්පූර්ණයෙන් සඳහන් වෙනවා.
ඒ වාහන නැවත අලුත්වැඩියා කරලා, තිබා වගේ හදලා වෙනත් රටවලට අපනයනය කරනකොට තමයි ඒවා රීකන්ඩිෂන් හැටියට හඳුනා ගන්නේ.
ජපානයේ තිබෙන ප්‍රධානම වාහන් තක්සේරු ආයතනය තමයි JAAI කියන්නේ. (Japan Auto Appraisal Institute)
ජපානයෙන් එළියට අපනයනය කරන පාව්ච්චි කරපු වාහන සියල්ලම වාගේ අනිවාර්යෙන් ලබා ගත යුතු සහතිකයක් තමයි ම JAAI Certificate එක.
ඒ වගේම ජපානයෙන් අපනයනය කරන පාව්ච්චි කරපු වාහන තක්සේරු වන විදියක් තමයි JEVIC Certificate (Japan Export Vehicle Inspection Centre) එක කියන්නේ.
ඉතින් ජපානයෙන් ලංකාවට එන රීකන්ඩිෂන් වාහන සියල්ලම වගේ මේ Auction Inspection Sheet එකත්, JAAI හෝ JEVIC සහතිකයත් ලබා තිබීම අනිවාර්ය වෙනවා.
ඔබ රීකන්ඩිෂන් ජපන් වාහනයක් මිලදී ගනිද් දී සේල් එකෙන් හෝ විකුණුම්කරුවගෙන් Auction Sheet එකයි, JAAI හෝ JEVIC සහතිකයයි ඉල්ලන්න පසුබට වෙන්න එපා.
එක ඔබේ පරම අයිතියක්.
ඒවා නෑ කියලා කාටවත් කියන්න අවස්ථාවක් නෑ. මොකද ජාපනයෙන් නීතිප්‍රකාරව එන වාහන හැම එකටම මේවා ඉශූ වෙන නිසා.
එහම නැති නම් ඔයාලටම ඒ සහතික ගන්න පුළුවන් ඔන්ලයින්.
එකට ඔයාට ඕනේ කරන්නේ වාහනයේ චැසි අංකය විතරයි.
JAAI සහතිකය ලබා ගැනීමට – www .jpcenter .ru/ report යන ලින්ක් එකත්,
JEVIC සහතිකය ලබා ගැනීමට – www. ecert. jenesis-it. com/ odo යන ලින්ක් එකත්,
ඔබට භාවිත කරන්න පුළුවන්.
ඔබට මේ ප්‍රශ්නයේ බරපතලකම ගැන යම් අවබෝධයක් දැන් ඇති වුණා කියල හිතනවා. ක්ෂේත්‍රයේ වැදගත් පුද්ගලයින්ගෙන් තව කරුණු කාරනා තහවුරු කරගන්නත් ඔබට පුළුවන්.
තවදුරටත් විස්තර දැනගන්න ඒ ඒ බ්‍රෑන්ඩ්වලට අදාළ ලංකාවේ ඒජන්ට්ස්ලා හම්බෙන්නත් පුළුවන්.
Toyota – Toyota Lanka
Honda – Stafford Motors
Mitsubishi – United Motors
Suzuki / Nissan – AMW
ලංකාවට එන බොහොමයක් වාහන මේ විදියට ඒජන්ට් හරහා හරි ඕක්ෂන් හරහා හරි ආවත් තවත් කොටසක් ඩිරෙක්ට් ෆැක්ටරි ඕඩර්ස් දාලා ඒක කෙලින්ම ලංකාවට එවනවා.
ඒ වගේම තවත් කොටසක් ඕක්ෂන්වලට නොයා ජපානයේ ප්‍රයිවට් සේල් වලින් අරගෙන මෙහෙට එවනවා.
එතකොට ඒ වාහනවලට ඕක්ෂන් ශීට් එකක් ඕනේ නෑ. හැබැයි වාහනේ කොහොම ගත්තත් අපනයනය කරන්න නම් JAAI හෝ JEVIC වගේ තත්ව සහතිකයක් නම් ඕනෙමයි.
තව පොඩි කතාවක්…
සමහර වාහන මොඩ්ල්ස්වල ප්‍රශ්න නිසා ඒවා නැවත මව් ආයතනය මගින් නැවත ගෙන්වා ගන්නා අවස්ථා (Recall) ඔබ දැකලා ඇති.
හැබැයි ඕක ඇත්තටම වෙන්නේ අදාළ රටේ ඉන්න ඒජන්ට් හරහා ගත්තු වාහනවලට විතරයි. මොකද ඒ ඒ වාහනවල සියලුම දත්ත අප්ඩේට් වෙලා ඒජන්ට් ළඟ සහ මව් සමාගමේ තියෙන නිසා වාහන ට්‍රැක් කරගන්න ලේසියි.
ඒත් ජපන් වාහන වෙන්දේසිවලින් අරගෙන මෙහෙ සේල්වලින් ගන්න වාහනවලට ඒ පහසුකම ලැබෙන්නේ නෑ.
මෑතක වෛද්‍යවරයෙක්ට ජීවිතය අහිමි වුණ එයාර්බෑග් අනතුර මේකට හොඳ උදාහරණයක්.
තවත් පොඩි කතාවක්…
වොරන්ටි ගැනත් පොඩ්ඩක් කියන්න ඕනේ.
ඒජන්ට්ස්ලා හරහා ගන්න වාහනවලට බොහෝ වෙලාවට හම්බෙන්නේ Comprehensive warranty (bumper to bumper) වොරන්ටි එකක්.
ඒ කියන්නේ අදාළ වොරන්ටි පීරියඩ් එක තුළ වහනය සම්බන්ධයෙන් වෙන සියලුම ප්‍රශ්නවලට ඒ වොරන්ටිය හම්බෙනවා. ප්ලාස්ටික් කෑල්ලක් කැඩුනත් එකත් වොරන්ටි එකෙන් ක්ලෙම් කරගන්න පුළුවන්.
ඒත් සේල්වලින් ගන්න වාහනවලට බොහෝ වෙලාවට ලැබෙන්නේ Engine and Gearbox warranty එක විතරයි.
ඉතින් වාහනයක් ගද්දී ඔය හැමදේම කතාබහ කරලා විසඳගන්න.