ෆේස්බුක් එකෙන් ආණ්ඩුවට බැන්න සිද්ධියේ දෙපාර්ශ්වයම පොලිසියට (වීඩියෝ)

රජයට එරෙහිව සමාජ මාධ්‍යවල පළකර ඇති පෝස්ට් ඉවත්කර ගන්නා ලෙස යටවත්ත ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු තමන්ට බලපෑම් කළ බවට මාතලේ ප්‍රදේශයේ පුද්ගලයෙක් පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා.

එම පැමිණිල්ලට අනුව දෙපාර්ශ්වයම අද (17) දිනයේ යටවත්ත පොලිසියට කැඳවීමටයි කටයුතු කර තිබුණේ.

එලෙස පොලිසිය වෙත කැඳවා තිබූ දෙපාර්ශ්වය සමථ මණ්ඩලය වෙත යොමු කිරීමටයි යටවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කර ඇත්තේ.

ඒ, අනුව අදාළ ගැටලුව සමථ මණ්ඩලය තුළ නිරාකරණය කර ගැනීමට දෙපාර්ශ්වය අපොහොසත් වන්නේ නම් එය අධිකරණය වෙත යොමු කරන බවයි ස්ථානාධිපතිවරයා සඳහන් කර සිටියේ.

ජාතික ජන බලවේගය ආණ්ඩුවට විරුද්ධව ෆේස්බුක් සමාජ මාධ්‍ය වේදිකාව තුළ පෝස්ට් පළ කළ මාතලේ, යටවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ නිවසට පැමිණි යටවත්ත ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙක් අදාළ පෝස්ට් ඉවත්කර ගන්නා ලෙසට බලකරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ පසුගිය දා සංසරණය වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිංට අගමැතිනිය දුන් පිළිගැනීම
01:23
Video thumbnail
ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනපති අනුර හමුවෙයි
01:41
Video thumbnail
කෝටි 5ක කුෂ් සමඟ කාන්තාවන් දෙදෙනෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
00:51
Video thumbnail
රියදුරුට නින්ද යාමෙන් ත්‍රී රෝද රථයක ලොරියක ගැටෙයි
00:27
Video thumbnail
අධිකරණයට අත තියලා, දිනපු එකෙක් නෑ ඉඳලා
01:09
Video thumbnail
අම්මා CID එකේ - දවස් 7ක් මදි වෙලා දැන්
00:33
Video thumbnail
තමුසෙනේ පි#සා ඕයි - දිවුලපිටිය ප්‍රාදේශීය සභාව උණුසුම් - පක්ෂ විපක්ෂ මන්ත්‍රීලා යකා නටයි..
15:49
Video thumbnail
සක්#ලි ආණ්ඩුව, අනුරට ## දෙනවා - රෙද්ද උස්සගෙන දුන්නනේ
10:41
Video thumbnail
අනවසර ගොඩනැගිලි නිසා බලන්ගොඩ න. සභාව උණුසුම් - මාලිමාවේ අයගේ අනුග්‍රහයෙන් කරපු දෙයක් ?
09:48
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.09
07:57:12