සොෆී ඩිවයින් ශ්‍රී ලංකාවට එරෙහි එක්දින හා T20 තරගාවලියට නෑ

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය සඳහා කිවි නායිකා සොෆී ඩිවයින් එක් නොවීමට තීරණය කර තිබෙනවා.

ඒ සිය පෞද්ගලික යහපැවැත්මට ප්‍රමුඛත්වය දීම වෙනුවෙන් බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

ඇය කෙටි කලකට දේශීය ක්‍රිකට් ක්‍රීඩාවෙන් විවේක ගෙන ඇති අතර WPL තරගාවලියෙන් ද ඉවත් ව ඇත්තේ සිය අවිවේකීත්වයට විරාමයක් ලබාදීම සඳහා යි.

සොෆීගේ තීරණය වෙනුවෙන් නවසීලන්ත කාන්තා ක්‍රිකට් කළමනාකාරීත්වය උපරිමය සහාය ලබාදීමට ද කටයුතු කර තිබෙනවා.

ඇය මීට පෙර කාන්තා සුපර් ස්මාෂ් තරගාවලියෙන් අතරමග දී ඉවත් වූ අතර “වෘත්තීය උපදෙස් ලබා ගැනීමෙන්” පසුව ඉන් පසුව පැවති කිසිදු තරගයකට එක් වූයේ නැහැ.

නවසීලන්ත ක්‍රිකට් කාන්තා ඉහළ කාර්ය සාධන ප්‍රධානී ලිස් ග්‍රීන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ “ක්‍රීඩිකාවන්ගේ යහපැවැත්ම අපගේ ඉහළම ප්‍රමුඛතාවය වන අතර වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවට නැවත පැමිණීමට පෙර සොෆී යෝග්‍යතාවයෙන් හා හොඳින් සිටීම වැදගත් වනවා..” යනුවෙන්.

2024 ඔක්තෝබර් මාසයේ දී නවසීලන්ත කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් 20-20 ලෝක කුසලානය දිනා ගත් අතර 35 හැවිරිදි සොෆී ඩිවයින් ඉන්දියාවට එරෙහිව පැවති එක්දින තරගවලට ද, පර්ත් ස්කොචර්ස් වෙනුවෙන් WBBL ද ක්‍රීඩා කළා.

දෙසැම්බර් අග දී ඔස්ට්‍රෙලියාවට එරෙහිව එක්දින තරඟාවලියට ද එක් වූ සොෆී අවසන් වරට ක්‍රීඩා කළ සුපර් ස්මාෂ් තරගාවලියේදී (ජනවාරි 24 වන දින) කැන්ටබරිට එරෙහිව ඇය ලකුණු 13කට කඩුලු 5ක් දවා ගත්තා.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින තරග 03ක් සහ T20 තරග 03ක් පැවැත්වීමට නියමිතයි.

මෙහි පළමු එක්දින තරගය මාර්තු මස 04 වැනි දා නවසීලන්තයේ දී ආරම්භ වනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21