පළාත් පාලන ඡන්දය ගැන විපක්ෂයේ මන්ත්‍රීවරු හෙට හදිසියේම සාකච්ඡාවක

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ ව උද්ගත ව ඇති ගැටළු සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ සියලුම පක්ෂ නායකයින් හෙට (18) මැතිවරණ කොමිෂන් සභාව හමුවීමට බලාපොරොත්තු වන බව නිවේදනය කර තිබෙනවා.

මේ බව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්‍යාලය විසින් අද (17) පස්වරුවේ නිල X සටහනක් තබමින් දැනුම්දෙනු ලැබුවා.