වාහන ආනයනය ගැන අලුත්ම තීරණය

වාහන ආනයනය කිරීම අත්හිටුවීම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අදහස් දක්වා සිටියා. රට තුළට විදේශ විනිමය ගලා ඒම ප්‍රකෘත්ති තත්ත්වයට පත්වීමෙන් අනතුරුව නැවත වාහන ආනයනය කිරීමට අවසර දීමට අවස්ථාවක් ලැබෙන බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා පැවසුවේ වාහන සහ ටයිල් හැර අනෙකුත් සියලු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මේ වනවිට ආනයනය කෙරෙන බවයි. මේ හරහා විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටින් පිටවන බවද මහ බැංකු අධිපතිවරයා පැවසුවා.

කෙසේ වෙතත් විශාල විදෙස් විනිමය ප්‍රමාණයක් නැවත මෙරටට ගෙනදිය හැකි සංචාරක කර්මාන්තය වැනි විෂයයන් හි යළි වර්ධනයත් සමඟ ඉදිරි මාස කිහිපය තුළ ඇතිවන ස්ථාවර බව හරහා යළි රථවාහන ආනයනය කිරීම සඳහා අවසර ලබා දිය හැකියාවක් ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා එහිදී වැඩිදුරටත් පෙන්වාදෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
48
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?