වායු ගුණාත්මක තත්ත්වයේ පහත වැටීමක්

අද (07) දිනයේ දී වායු ගුණාත්මක තත්ත්වය අඩු අගයකට පැමිණ ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර අධ්‍යාපන සහ දැනුවත් කිරීම් අධ්‍යක්ෂක ආචාර්ය අජිත් ගුණවර්ධන පවසනවා.

ඔහු කියා සිටියේ අද දිනයේ උතුර, උතුරු මැද, වයඹ සහ බස්නාහිර නැගෙනහිර පුදේශ වල වායු තත්ත්ව දර්ශක අගය 100-150 අතර අහිතකර අගයක් ගෙන ඇති බවයි.

මෙලෙස වායු ගුණාත්මක තත්ත්වය පහත වැටීමට ප්‍රධාන හේතුව අන්තර් දේශසීමා අතර සිදුවන වායු සංසරණය සහ මේ දිනවල පවතින සුළං සහිත තත්ත්වය බවයි අජිත් ගුණවර්ධන කියා සිටියේ.

කෙසේ වෙතත් මෙම තත්ත්වයත් සමඟ හුස්ම ගැනීමේ අපහසුතා ඇති පිරිස් වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස ඔහු දැනුවත් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?