වාද්දූව වෙරළ තීරයේ නාඳුනන මළ සිරුරක්

වාද්දූව – පොහද්දරමුල්ල වෙරළ තීරයේ තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ඇද සිටි ටී ෂර්ට් එකෙන් මුහුණ ගැටගසා මෙම පුද්ගලයා ඝාතනය කර ඇති බවට සැකකෙරෙන බවයි වාද්දූව පොලිසිය පැවසුවේ.

මෙලෙස සොයාගෙන ඇත්තේ වයස අවුරුදු 40 – 45 ත් අතර වයසේ පසුවන පුද්ගලයෙක් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

නිල් පැහැති ඩෙනිම් කලිසමකින් සහ සුදු මේස් බැමියමක් ඇද සිටි මෙම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරක් තවමත් අනාවරණය වී නැහැ.

මළ සිරුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වාද්දූව පොලිසිය මඟින් සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?