වාණිජ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට අමීනා ෂාෆි මෝහින් පත් කෙරේ

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර මේ වන විට පුරප්පාඩුව පවතිනවා.

එබැවින්, දැනට එම දෙපාර්තමේන්තුවේ වාණිජ අධ්‍යක්ෂ තනතුර දරන ජ්‍යෙෂ්ඨතම නිලධාරිනිය වන අමීනා ෂාෆි මෝහින් මහත්මිය, වහාම ක්‍රියාත්මක වන පරිදි වාණිජ අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ පූර්ණකාලීනව වැඩබැලීම සඳහා පත් කිරීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?