ව්‍යාපාරික කත පැදවූ රිය මහ රෑ මහ පාරෙන් පිට ගිහින්

ව්‍යාපාරික කාන්තාවක් පැදවූ සුඛෝපභෝගී මෝටර් රථයක් පිළියන්දල නගරයට ආසන්නයේ දී ආපනශාලාවක් තුළට කඩා වැදී ඊයේ (24) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා.

අදාළ කාන්තාව සිය ව්‍යාපාරික ස්ථානය වසා මෝටර් රථයෙන් නිවස කරා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර, මෝටර් රථයට සහ ආපනශාලාවට අලාභ හානි සිදුව ඇති බවයි වාර්තා වුණේ.

සිදුවූ අනතුරක් සමඟ මෝටර් රථය පැදවූ කාන්තාව සහ ආපනශාලා හිමිකරුගේ පාර්ශවය බහින් බස්වී උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ බවත් පොලිසිය මැදිහත්ව එයට සමතයකට පත් කිරීමටත් කටයුතු කර තිබෙනවා.

මේ අතර මෝටර් රථය ආපනශාලාවෙන් පිටතට ගැනීමට එහි ඉදිරිපස තිබූ මායිම් ගලක්ද ඉවත් කිරීමට සිදු වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගල් අඟුරු වංචාවේ කොටසක් ජනපතිගේ සාක්කුවට ගිහින් - දොලවත්ත කුපිත වෙයි
05:53
Video thumbnail
ආණ්ඩුවේ හොරකම ගැන ජනතාවට කියන්න තමයි විශ්වාසභංගය ගේන්නේ
15:52
Video thumbnail
ද්විත්ව සටනෙන් දිවි අහිමි වෙන්නේ තෙවන පාර්ශවය..සාකච්ඡාව දෙන්න..වැරැද්ද ආණ්ඩුවේ
07:30
Video thumbnail
ආණ්ඩුවේ අප්පච්චිලාගේ මොළ තමයි මොළ - චාමර සැරටම කියයි
15:52
Video thumbnail
චමින්ද නැගිටලා හොඳම එකෙන් දෙසයි..ලැට්වල කඩාගෙන ඇවිත් අපිට චරිත සහතික දෙන්න එන්න එපා
01:51
Video thumbnail
ලංකාවේ කිසිම දිනක මෙහෙම මංකොල්ලයක් වෙලා නෑ..රාජිතගෙන් ප්‍රබල හෙළිදරව්වක්
05:20
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න බෑ.. වැටෙන්නෙත් නෑ
09:20
Video thumbnail
මේ ඇමතිව කනෙන් ඇදලා හිරේ දාන්න - අපි බය නෑ
12:37
Video thumbnail
කක්කුස්සියක් ගිලපු එකා කෑගහනවා - පාර්ලිමේන්තුවේ ලොකු වලියක්
10:50
Video thumbnail
නලින්ද දැඩි තීන්දුවක් ගනී - GMOA එක්ක සාකච්ඡා කරන්නේ නෑ
07:10