කඩුවෙල, කොරතොට, තුන්අදහේන ප්‍රදේශයේ මාර්ගයක බෑගයක් තුළ ටී – 56 ගිනිඅවි සහ මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවි 05ක් ඇති බවට පොලිසිය තොරතුරක් ලැබී තිබෙනවා.
අදාළ තොරතුර මත නවගමුව පොලීසිය විසින් අද (18) එහි ගොස් පරීක්ෂා කර ඇති අතර, එම ගිනි අවි ව්‍යාජය ඒවා බවටයි හඳුනාගෙන ඇත්තේ.
පොලිසිය සඳහන් කළේ අදාළ ගිනි අවි ඇත්ත ගිනි අවි ආකාරයටම නිර්මාණය කරන ලද ඒවා බවයි.
මෙහිදී ව්‍යාජ ටී – 56 ගිනිඅවි 03ක් සහ බව්‍රනින් වර්ගයේ ව්‍යාජ ගිනි අවිය 05ක් මෙන්ම ටී – 56 ගිනිඅවි සඳහා යොදන සත්‍ය මැගසින් එකක් හමු වී තිබෙනවා.
නවගමුව පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
3
+1
1
+1
+1
+1
1





