AFC Banner
Empty Ad
Empty Ad

ව්‍යාජ රියදුරු බලපත්‍ර ලබාදුන් ආයතනයක් වටලයි

මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරකට අනුව කොට්ටාව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ මධ්‍යස්ථානයක් වටලා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් රියදුරු බලපත්‍ර මුද්‍රණයට අදාළ ලැප්ටොප් පරිගණකයක් සහ මුද්‍රණයන්ත්‍රයක් ආදී උපාංග රාශියක් පොලිස් බාරයට ගෙන තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙහි ප්‍රධාන සැකකරු අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ව්‍යාජ රියදුරු බලපත්‍ර මුද්‍රණයට අමතරව විවිධ ආකාරයේ ව්‍යාජ ලිපි ලේඛන සැකසීමද මෙම ස්ථානයෙන් සිදුකර තිබෙනවා.

මෙම සැකකරුවන් සන්තකයේ තිබී ව්‍යාජ ලෙස මුද්‍රණය කර ඇති රියදුරු බලපත්‍ර එකසිය හැට අටක් සහ මුදලින් එක් ලක්ෂ පනස් දහසක මුදලක් ද සොයාගෙන තිබුණා.

මොවුන් විසින් මුද්‍රණය කරනු ලැබූ ව්‍යාජ ලිපි ලේඛන අතර උපාධි සහතික, ආදායම් බලපත්‍ර, උප්පැන්න සහතික, මරණ සහතික, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන වලින් නිකුත් කරනු ලබන සහතිකපත් ආදී ලිපි ලේඛන බොහෝම‍යක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?