AFC Banner
AFC Banner
Empty Ad

ව්‍යාජ මුදල් නෝට්ටු සමග දෙදෙනෙකු අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටු සමග පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි ඊයේ මාකේවිට ප්‍රදේශයේ වැටලීම සිදුකර ඇත්තේ.

එහිදී රුපියල් 500 ව්‍යාජ නෝට්ටු 6ක් සහ රුපියල් 50 ව්‍යාජ නෝට්ටු 17ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

එම පුද්ගලයාගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔහුට එම මුදල් ලබා දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ දෙල්ගොඩ ප්‍රදේශයේදීයි.

අවුරුදු 23 සහ 28 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනා පෙතියාගොඩ සහ කිරිඳිවිට ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?