වහාම සේවයට එන්න – දුම්රිය දෙපාර්තමේන්තුව අවසන් නිවේදනයත් යවයි (නිවේදනය)

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අද (10) වැඩ වර්ජනයේ නිරත වන ස්ථානාධිපතිවරුන්ට අවසන් නිවේදනය නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ අද දහවල් 12 වන විට වර්ජනයේ නියුතු දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවයට වාර්තා නොකරන්නේ නම්; ඔවුන් සේවය හැර ගියා සේ සලකන බවටයි වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස්. මුදලිගේ සිය නිල අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එබැවින් මේ වනවිට වර්ජනයේ නිරත දුම්රිය ස්ථානාධිපතිවරුන්ට එම නිවේදනයෙන් දැනුම්දී ඇත්තේ අත්‍යවශ්‍ය සේවාවක් ලෙස දැනුම්දී ඇති දුම්රිය සේවය හේතුවෙන් වහාම ළඟම ඇති දුම්රිය ස්ථානයට ගොස් තමන්ගේ සේවයට වාර්තා කරන ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
5
+1
1
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?