AFC Banner
AFC Banner
Empty Ad

වස පොවා ඝාතනය කළ බව කී බිළිඳාගේ මරණයට හේතුව හෙළිවෙයි

තෙලිජ්ජවිල, ඇල්ගිරිය, කන්දහේන ප්‍රදේශයේදී මියගිය නම මස් වයසැති බිළිඳාගේ මරණයට හේතුව ශ්වසන මාර්ගයේ ආහාර සිරවීම බවට අද (17) සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණ වී තිබෙනවා.

මෙම බිළිඳාට උපතින්ම ශ්වසන මාර්ගයේ සහ ගල නාලයේ සිදුරු දෙකක් වෙන් වෙන් වශයෙන් පිහිටා තිබී ඇති අතර දරුවා ඉපදී සතියකින් ගාල්ල කරාපිටිය රෝහලේ දී ශල්‍යකර්මයකට ද භාජනය කර තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ.

බිළිඳාගේ මව මෙම කරුණු සම්බන්ධයෙන් නොදැනුවත්කම හේතුවෙන් දැඩි ලෙස බියට පත්ව ලිපියක් ලියා තබා නිවසින් බැහැරව ගොස් ඇති බවටයි කරුණු අනාවරණය වුණේ.

මෙලෙස නිවසින් පලාගිය 22 හැවිරිදි මව, ගොඩකවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තමන් ස්නානය කර පැමිණි අවස්ථාවේ දරුවා සෙම වමනය කරමින් බිම වැටී සිටි බවත්, සැමියා දරුවාගේ මරණයට තමන් වග කිව යුතු බවට චෝදනා කරනු ඇතැයි බියෙන් නිවසින් පලා ගිය බවයි අත්අඩංගුවේ සිටින බව මව පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ.

කෙසේ වෙතත් පොලිසිය මීට පෙර සැක කළේ මෙම කාන්තාව විසින් බිළිඳාට වස පොවා ඝාතනය කර ඇති බවටයි.

පසුගිය 15 වනදා අදාළ නිවසේ සිටි වැඩිමහල් දරුවා හඬන ශබ්දය ඇසීමත් සමඟ අසල්වාසීන් පැමිණ සිදුකළ සෝදිසි කිරීමේදී මෙම බිළිඳා මුඛයෙන් සෙම දමමින් බිම ඇඳ වැටී සිටිනු දැක ඇති බවයි පොලිසිය පැවසුවේ.

පසුව ඔවුන් බිළිඳා රෝහල් ගත කිරීමට කටයුතු කළ ද ඒ වනවිටත් බිළිඳා ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?