වස පොවා ඝාතනය කළ බව කී බිළිඳාගේ මරණයට හේතුව හෙළිවෙයි

තෙලිජ්ජවිල, ඇල්ගිරිය, කන්දහේන ප්‍රදේශයේදී මියගිය නම මස් වයසැති බිළිඳාගේ මරණයට හේතුව ශ්වසන මාර්ගයේ ආහාර සිරවීම බවට අද (17) සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණ වී තිබෙනවා.

මෙම බිළිඳාට උපතින්ම ශ්වසන මාර්ගයේ සහ ගල නාලයේ සිදුරු දෙකක් වෙන් වෙන් වශයෙන් පිහිටා තිබී ඇති අතර දරුවා ඉපදී සතියකින් ගාල්ල කරාපිටිය රෝහලේ දී ශල්‍යකර්මයකට ද භාජනය කර තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ.

බිළිඳාගේ මව මෙම කරුණු සම්බන්ධයෙන් නොදැනුවත්කම හේතුවෙන් දැඩි ලෙස බියට පත්ව ලිපියක් ලියා තබා නිවසින් බැහැරව ගොස් ඇති බවටයි කරුණු අනාවරණය වුණේ.

මෙලෙස නිවසින් පලාගිය 22 හැවිරිදි මව, ගොඩකවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තමන් ස්නානය කර පැමිණි අවස්ථාවේ දරුවා සෙම වමනය කරමින් බිම වැටී සිටි බවත්, සැමියා දරුවාගේ මරණයට තමන් වග කිව යුතු බවට චෝදනා කරනු ඇතැයි බියෙන් නිවසින් පලා ගිය බවයි අත්අඩංගුවේ සිටින බව මව පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ.

කෙසේ වෙතත් පොලිසිය මීට පෙර සැක කළේ මෙම කාන්තාව විසින් බිළිඳාට වස පොවා ඝාතනය කර ඇති බවටයි.

පසුගිය 15 වනදා අදාළ නිවසේ සිටි වැඩිමහල් දරුවා හඬන ශබ්දය ඇසීමත් සමඟ අසල්වාසීන් පැමිණ සිදුකළ සෝදිසි කිරීමේදී මෙම බිළිඳා මුඛයෙන් සෙම දමමින් බිම ඇඳ වැටී සිටිනු දැක ඇති බවයි පොලිසිය පැවසුවේ.

පසුව ඔවුන් බිළිඳා රෝහල් ගත කිරීමට කටයුතු කළ ද ඒ වනවිටත් බිළිඳා ජීවිතක්ෂයට පත්ව සිටි බවයි වාර්තා වුණේ.

  1. ආර්ථික දුෂ්කරතා නිසා ළදරුවාට වස පොවලා අම්මා ගෙදරින් පැනලා ගිහින් කියලා තමයි ඊයේ කීවේ. අද බලනකොට අම්මා ළදරු මරණයක් (infanticide) සිදු කරලා නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14