වසර 50000කට පසු පැමිණි වල්ගා තරුවක් පෘථිවිය ආසන්නයේ

C/2022 E3 (ZTF) නමැති වල්ගා තරුව මේ දිනවල පෘතුවියට ආසන්නයෙන් ගමන් කරන බව නාසා ආයතනය පවසනවා.

ඉන් පෘථිවියට කිසිදු අනිසි බලපෑමක් නොමැති බවයි නාසා ආයතනය පවසන්නේ.

විශේෂත්වය වන්නේ එය මෙලෙස පෘථිවියට ආසන්නයෙන් ගමන් කරන්නේ වසර 50,000කට පසුව වීමයි.

එම වල්ගා තරුව අද දිනයේදී පෘථිවිවාසීන්ට හොදින් නිරීක්ෂණය වන බවයි නාසා ආයතනය සඳහන් කර ඇත්තේ.

නාසා ආයතනයට අනුව C/2022 E3 (ZTF) නමැති වල්ගා තරුව පෘථිවියට කිලෝමීටර් මිලියන 42ක පමණ දුරකින් ගමන් කරනු ඇති.

එය පෘථිවිය සහ සූර්යයා අතර දුරින් 28%කට සමානයි.

මීට පෙර මෙය පෘථිවිය ආසන්නයෙන් ගමන් කර තිබුණේ මීට වසර 50,000කට පෙර නියඩ්‍රතාල්වරුන් ජීවත් වූ අවදියේදී බවයි නාසා ආයතනය පවසන්නේ.

අවසාන අයිස් යුගයේ මෙන්ම නියැන්ඩර්තාල්වරුන්ගේ කාලයෙන් අනතුරුව එය පෘථිවිය ආසන්නයට පැමිණ නැහැ.

වසර 50,000 කට පමණ පෙර සෞරග්‍රහ මණ්ඩලය හරහා අවසන් වරට ගමන් කළ C/2022 E3 (ZTF) වල්ගා තරුව මෙම කාලය තුළ දීප්තිමත් වන අතර සුදුසු තත්ත්‍වයන් යටතේ පියවි ඇසට පවා දැකගත හැකියි.

මෙම වල්ගා තරුව තවත් දින කිහිපයක් දෘශ්‍යමානව පවතිනු ඇති අතර අවසානයේ මෙම මාසයේ දකුණු ක්ෂිතිජයේ නිරීක්ෂකයින්ට දෘශ්‍යමාන වනු ඇති.

C/2022 E3 (ZTF) පියවි ඇසට දැකගත හැකි වුව ද දුරදක්න හෝ දුරේක්ෂයකින් හඳුනා ගැනීම පහසු බවයි නාසා ආයතනය ප්‍රකාශ කර ඇත්තේ.

වල්ගා තරුව ඔරිගා තාරකා මණ්ඩලයේ දීප්තිමත් තාරකාව වන කැපෙල්ලා අසල ඇති විට හෝ පෙබරවාරි 9 සහ පෙබරවාරි 13 අතර එය ටෝරස් තාරකා මණ්ඩලයේ අඟහරු අසල දිදුලනු ඇතැයි සඳහන්.

මෙම කොළ පැහැති වල්ගා තරුව පළමුවෙන් සොයා ගත්තේ 2022 මාර්තු දෙවැනිදායි.

එය සොයා ගැනීමට සමත් වූයේ ‘ස්විකී ට්‍රාන්සිස්ට්’ නිරීක්ෂණාගාරයේ තාරකා විද්‍යාඥයන් වන අතර කැලිෆෝනියාවේ පැලොමාර් කඳුකරයේ ඉදි කළ කැල්ටෙක් දුරේක්ෂය හරහා වල්ගා තරුව නිරීක්ෂණය සිදු කෙරුණා.

වල්ගාතරුවක් යනු කිලෝ මීටර් ගණනක විෂ්කම්භයක් ඇති දූවිලි අයිස් බෝලයක්.

වල්ගාතරුවක් තුනී වායු වැස්මකින් ආවරණය වී ඉතා කුඩා අංශුවලින් සෑදී ඇති අතර ප්‍රමාණයෙන් විශාල වල්ගාතරුවකට හිසක් ද, සංඝටක කොටසක් හෙවත් න්‍යෂ්ටියක් ද, පිටතට විහිදෙන දිගු වල්ගයක් ද සහිතයි.

කුඩා වල්ගාතරුවලට වල්ගයක් නොමැති අතර වල්ගා තරුවක වල්ගය සැමවිටම පිහිටන්නේ හිරු දෙසට නොව; හිරුගෙන් විරුද්ධ දෙසටයි.

වල්ගාතරු දකින්න ලැබෙන්නේ නියමිත කාලයකට වරක් පමණයි.

සුර්යයාට ළං වෙද්දී, වල්ගාතරුවේ වේගය පැයට කිලෝ මීටර් මිලියන දෙකක් පමණ වන අහ්ටර ඈතට යද්දී, වල්ගාතරුවේ වේගය අඩාල වන්නේ පැයට කිලෝ මීටර් 100 ක් පමණ දක්වායි.

වල්ගාතරුව වැඩි කාලයක් ඈත විශ්වයේ සෙමින් ගමන් කරන්නේ මේ හේතුව මතයි.

පෘථිවිය අසලට ආ ‘සී/2022ඊ3’ වල්ගා තරුවේ හිස කොටස කිලෝ මීටර් 1.6 ක විෂ්කම්භයකින් යුක්ත වන අතර එහි වල්ගය කිලෝ මීටර් මිලියන ගණනක් දුරට විහිදෙන බවයි නාසා ආයතනය වැඩි දුරටත් පැහැදිලි කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අරක දෙන්නම් මේක දෙන්නම් කිව්වා දුන්න රෙද්දක් නෑ..රජයේ ව්‍යාපෘතියක් නිසා ගම්මු කුපිත වෙයි
06:04
Video thumbnail
මෝ# තීරණ කවුරු ගන්නවද දන්නේ නෑ.. දුම්‍ රිය නැවැත්වීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්වුණා..
04:21
Video thumbnail
PUCSL අදහස් දැක්වීමට ගිහින් විපක්ෂ නායක කෙළින්ම කියයි..පොඩි මනුස්සයාගේ බඩට ග#න ප්‍රතිපත්තියක් මේ
11:23
Video thumbnail
හෙට ඉදලා ඔත්තේ ඉරට්ටේ අංකවලට තමයි තෙල් දෙන්නේ..කළබල වෙන්නේ නැතුව අද ගිහින් නිදාගන්න හෙට තෙල් දෙනවා
02:22
Video thumbnail
🔴Breaking News
03:48
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු බස් අනතුරෙන් 4 දෙනෙකුට දිවි අහිමිවෙයි..40කට තුවාල..මෙන්න එහි නවතම දර්ශන
01:03
Video thumbnail
🔴Breaking News
01:30
Video thumbnail
සපිරි ගමක් කරන්න අපි ආවේ සුපිරි වැඩක් කරලා වැඩේ අවසන් කරනවා..තියෙනවා තමයි මාස ගණන්වලට තෙල්
03:54
Video thumbnail
ශානිටයි රවීටයි සුගීෂ්වරගෙන් සැර සත්තමක්..ප්‍රබන්ධනශූරි ශානි ලස්සන කතාවක් ගොතලා..
04:02
Video thumbnail
Praharaya | හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:30:10