රෙස්ලිං පිටිය තුළ සදා නොමැකෙන පුරාවෘතයක් ලෙස ලොව පුරා කුඩා දරුවන් සහ වැඩිමල් බොහෝ පිරිසකගේ මහත් ආදරයක් දිනාගෙන සිටින අමෙරිකානු ජාතික රෙස්ලිං ශූර ජෝන් සීනා සිය වෘත්තීමය රෙස්ලිං ජීවිකාවට හමුදීමට තීරණය කර තිබෙනවා.
2002 වර්ෂයේ දී පළමුවෙන්ම WWE රෙස්ලිං වළල්ලට පා තැබූ ජෝන් මේ වන තෙක් සෑම වසරකටම අවම එක් තරගයකටවත් සහභාගී වෙමින් වසර 23ක් පුරවට WWE ශූරතා 17ක් හිමිකර ගෙන ඇත්තේ මෙතෙක් ඉතිහාසයේ WWE වැඩිම ශුරතා හිමිකර ගත ක්‍රීඩකයා ලෙස වාර්තාවක් පිහිටුවමින්.
ඒ අනුව අමෙරිකානු වේලාවෙන් අද (13) රාත්‍රී 08.00ට ආරම්භ වන Saturday Night’s Main Even තරගයේ දී රෙස්ලිං ක්‍රීඩක GUNTHER සමඟ පැවැත්වෙන තරගයෙන් පසු ජෝන් සීනා WWE පිටියට සමුදීමට නියමිතයි.















