වසර 18 ක ක්‍රිකට් දිවියට ආයුබෝවන් කියූ තුන් ඉරියව් ක්‍රීඩකයා

වසර 18කට අධික සිය ක්‍රිකට් දිවියකට තිත තබමින් පාකිස්ථාන කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන මොහොමඩ් හෆීස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

මේවන විට 41 හැවිරිදි වියේ පසුවන හෆීස් පාකිස්ථාන වෙනුවෙන් ටෙස්ට් තරග 55ක්, ජාත්‍යන්තර එක්දින තරග 218ක් සහ විස්සයි විස්ස තරග 119කට ක්‍රීඩා කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඔහු පවසන්නේ ඉදිරියේදීත් T20 ෆ්‍රැන්චයිස් ක්‍රිකට් සඳහා ක්‍රීඩා කරන බවයි.

2003 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එක්දින තරගයකින් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ඇරඹු හෆීස්, ඕස්ට්‍රේලියාවට එරෙහිව සිය අවසන් ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කළේ නිමා වූ පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ අවසන් පූර්ව තරගයේදීයි.

“අද මම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නේ ආඩම්බරයෙන් සහ තෘප්තියෙන්,ඇත්ත වශයෙන්ම මම මුලින් බලාපොරොත්තු වූවාට වඩා වැඩි දෙයක් උපයාගෙන සහ ඉටු කරගෙන ඇති අතර ඒ සඳහා, මගේ ක්‍රිකට් ක්‍රීඩාවේදී මට උදව් කළ මගේ සෙසු ක්‍රිකට් ක්‍රීඩකයින්, නායකයින්, සහාය කාර්ය මණ්ඩලය සහ පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට මම ස්තූතිවන්ත වෙමි.” යනුවෙන් ක්‍රිකට් පිටියේ professor (මහාචාර්ය) යන අන්වර්ථ නාමයෙන් හැදින් වූ මොහොමඩ් හෆීස් සිය සමුගැනීම ප්‍රකාශ කරමින් පවසා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15