වසර 147ක් පැරණි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ, ධනංජය සහ කමිඳුගෙන් සුපිරි වාර්තාවක්

බංග්ලාදේශය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේ දීත් ශතක වාර්තා කිරීමට ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් අද (24) සමත් වුණා.

ඒ, අනුව ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් වසර 147ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ ටෙස්ට් තරගයක ඉනිම් දෙකේදී ම ශතක රැස් කළ ලොව තෙවැනි පිතිකරු යුගලය බවට පත්වීම ද විශේෂත්වයක්.

1974 වසරේ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පැවති ටෙස්ට් තරගයක දී ඉනිම් දෙකේදීම ශතක රැස්කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්වන ඉයන් චැපල් සහ ග්‍රෙග් චැපල් මෙම වාර්තාවේ පළමු හිමිකරුවන් බවට පත් වුණා.

අනතුරුව එවැනි දස්කමක් දැක්වූ දෙවැනි පිතකරුවන් යුගළය බවට පත්වීමට පාකිස්ථාන ක්‍රීඩකයින් වන අසාර් අලි සහ මිස්බා උල් හක්ට හැකියාව ලැබුණා.

ඒ, 2014 වසරේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති ටෙස්ට් තරගයේ දී ඉනිම් දෙකේදී ම ශතක රැස්කරමින්.

බංග්ලාදේශය සමඟ පැවැත්වෙන මෙම තරගයේ දෙවන ඉනිමේ දී ධනංජය ද සිල්වා ලකුණු 108ක් රැස්කළ අතර, කමිඳු මෙන්ඩිස් මේ වනවිට නොදැවී ලකුණු 100ක් රැස්කරගෙන සිටිනවා.

පළමු ඉනිමේ දී ධනංජය සහ කමිඳු දෙදෙනාම ලකුණු 102 බැගින් රැස් කිරීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
233
+1
6
+1
104
+1
14
+1
4
+1
12
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?