spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වසර 05 කට පසු ත්‍රීරෝද රථ රියදුරු ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

2017 වර්ෂයේ බිරිඳ හා දරුවා ඉදිරිපිට දී ත්‍රීරෝද රථ රියදුරෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු වසර පහකට පසු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

එලෙස ඝාතනයට ලක් වූයේ සුබේ අප්පු කම්කානම්ලාගේ ගයාන් ජිවන්ත නොහොත් ඉසුරු යන අයයි.

ප්‍රධාන සාක්ෂිකාරිය ලබාදුන් ප්‍රකාශ හා කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකක 6 හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතාට ලද සාර්ථක තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ මට්ටක්කුලිය ඉන්ධන පිරවුම්හල අසල දීය.

සැකකරු මට්ටක්කුලිය සමිත් පුර පදිංචි වයස අවුරුදු 45 අයෙක්.

එම ඝාතනයෙන් අනතුරුව සැකකරු ප්‍රදේශය හැර පලා ගොස් තිබෙනවා.

සැකකරු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 24 වැනි දා දක්වා බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?