ගම්පහ, දොරනාගොඩ ප්‍රදේශයේ නිවසකදී තම පෙම්වතිය ගෙළ සිරකර ඝාතනය කර ඇගේ මළ සිරුර මෝටර් රථයකින් රැගෙන ගොස් කැළණි ගඟට දමා තිබියදී සොයා ගත් බව පොලීසිය විසින් අධිකරණය හමුවේ අද කරුණු වාර්තා කර තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්වූ ඇත්තේ වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියක බවයි අනාවරණය වී ඇත්තේ.
සැකකරු සහ මිය ගිය තරුණිය වසර 5ක කාලයක සිට පෙම්වතුන් ලෙස සිට ඇති බවත් ඉකුත් 16 වනදා සැකකරු එම තරුණිය සිය නිවසට මෝටර් රථයකින් රැගෙන විත් ඇති අතර එහිදී දෙදෙනා අතර ඇති වූ ආරවුලකදී එම පුද්ගලයා සිය පෙම්වතියගේ ගෙළ සිරකර ඝාතනය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
පසුව ඇගේ මළ සිරුර මෝටර් රථයෙන්ම වැල්ලම්පිටිය, කොහිලවත්ත ප්‍රදේශයේදී කැළණි ගඟට දමා තිබියදී සොයා ගත් බවත් පොලීසිය අධිකරණය ජහමුවේ අද කරුණු වාර්තා කර සිටිනවා.
තම දියණිය අතුරුදන් බවට පැමිණිලි කිරීමට ඇගේ දෙමව්පියන් වැල්ලම්පිටිය පොලීසිය වෙත යාමේදී අදාළ සැකකරු ද ඔවුන් සමග පොලීසියට ගොස් ඇති බවට පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත්තේ.
මේ වන විට සිද්ධියට සම්බන්ධ සැකකරු ග්‍රෑන්ඩ්පාස් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.