විද්‍යාඥයන් පිරිසක් විසින් වසර මිලියන 240ක් පමණ පැරණි මකරෙකු වැනි සත්වයකුගේ සම්පූර්ණ ෆොසිලයක් සොයාගෙන තිබෙනවා.
එම විද්‍යාඥයෝ පවසන්නේ අඩි 16ක් පමණ වන මෙම ෆොසිලය අතීතයේ ජීවත් වූ බවට විශ්වාස කෙරෙන ජලජ උරගයකුගේ බවයි.මෙම සත්ත්වයාගේ අතිශයින් දිගු බෙල්ල හේතුවෙන් එම සත්ත්වයා මකරෙකු විය හැකි බවට අනුමාන කරන අතර එම සත්ත්වයා “Dinocephalosaurus orientalis” නම් විද්‍යාත්මක නමින් හඳුන්වයි.
මෙම ෆොසිලයේ කොටස් 2003 වසරේ දී දකුණු චීනයේ පැරණි හුණු ගල් නිධියකින් පළමුවෙන්ම හමු වී ඇති අතර විද්‍යාඥයන් විසින් සිදු කළ පර්යේෂණ අනුව මේ වන විට සම්පූර්ණ ෆොසිලය මතුකර ගෙන තිබෙනවා.මෙම සත්වයාගේ බෙල්ල, උගේ සිරුර සහ වලිගය යන දෙකෙහිම එකතුවට වඩා දිගින් යුක්ත වන බවයි එම විද්‍යාඥයෝ පවසන්නේ




