වසර දෙකකට පසු බොරතෙල් මිල ඉහළම අගය වාර්තා කරයි

මැදපෙරදිග ඇතිව තිබෙන යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඊයේ (06) දිනයේ වාර්තා වූ අගයට වඩා 9%කින් මිල ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට එහි අගය ඇමරිකානු ඩොලර් 93 ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා.

මෙලෙස බොර තෙල් මිල ඉහළ ගොස් ඇත්තේ වසර 02කට පසුවයි.

අවසන්වරට 2023 වසරේ සරත් සමයේ බොරතෙල් මිලේ ඉහළම අගය වාර්තා වී තිබුණා.

මේ අතර ගල්ෆ් කලාපයේ සියලුම තෙල් හා ගෑස් අපනයනකරුවන් දින කිහිපයක් ඇතුළත සිය නිෂ්පාදනය නතර කරනු ඇති බවට තමන් අපේක්ෂා කරන බව කටාර්හි බලශක්ති අමාත්‍යවරයා අනතුරු අඟවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !