AFC Banner
AFC Banner
Empty Ad

වසර ගණනක් රහසක්ව තබාගත් පුටින්ගේ පිරිමි දරුවන් දෙදෙනා ගැන තොරතුරු එළියට

සිය පුද්ගලික ජීවිතය අභිරහසක් ලෙස තබාගෙන සිටින රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට පුතුන් දෙදෙනෙන් සිටින බවට ෆෝබ්ස් සඟරාවේ වාර්තාවක් මඟින් අනාවරණය කර තිබෙනවා.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඔහුගේ පෙම්වතිය බව කියන හිටපු ඔලිම්පික් ජිම්නාස්ටික් ක්‍රීඩිකා ඇලිනා කබේවා දාව මෙම දරුවන් දෙදෙනා උපත ලබා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මේ වනවිට එම දරුවන් දෙදෙනා වයස අවුරුදු පහ සහ නවය යන වයස්වල පසුවන බවයි එම වාර්තාව මඟින් හෙළිකර ඇත්තේ.

මෙම දරුවන් දෙදෙනා පෞද්ගලිකත්වයෙන් ඉහළ ආරක්ෂිත නිවසක හැදී වැඩෙන බවට අනාවරණය වී ඇති අතර, ඔවුන් පුටින් සහ ඇලිනාගෙන් ඈත්ව හුදකලා ජීවිතයක් ගත කරන බවයි වාර්තා වන්නේ.

මොවුන් දෙමව්පියන්වන ව්ලැඩිමීර් පුටින් සහ ඇලිනා කබේවා හමුවන්නේ කලාතුරකින් බවත් අදාළ ගවේෂණාත්මක වාර්තාව මඟින් වැඩිදුරටත් හෙළිකර තිබෙනවා.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සිය නීත්‍යනුකූල බිරිඳවන ලියුඩ්මිලා පුටින්ගෙන් දික්කසාද වීමෙන් පසු ඇලිනා කබේවා සමඟ 2008 වසරේ දී පෙම් සබඳතාවක් ආරම්භ කර ඇති අතර, වාර්තාවට අනුව 41 හැවිරිදි කබේවා ස්විට්සර්ලන්තයේ ලුගානෝ හි මාතෘ මධ්‍යස්ථානයක දී අයිවන් සහ ව්ලැඩිමීර් නැමැති මෙම පුතුන් දෙදෙනා බිහිකර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම දරුවන් දෙදෙනා සම්බන්ධයෙන් කිසිම අවස්ථාවක පුටින් සහ කබේවා කිසිඳු ප්‍රකාශයක් සිදුකර නොමැති අතර, 71 හැවිරිදි පුටින්ට සිය පළමු බිරිඳගෙන් මාරියා සහ කැටරිනා නැමැති දියණියන් දෙදෙනෙක් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
6
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?