AFC Banner
Empty Ad
Empty Ad

වසරේ ප්‍රබලතම සුළි කුණාටුව වියට්නාමයට ඇතුළු වෙයි

යාගී සුළි කුණාටුව ඊයේ (06) චීන භූමියට දකුණින් පිහිටි සංචාරක දූපතකට ඇතුළු වීමෙන් අනතුරුව අද (07) වියට්නාමටය ඇතුළු වී තිබෙනවා.

චීනයට ඇතුළු වූ එම සුළි කුණාටුවෙන් පුද්ගලයින් 02 ක් මරණයට පත් වී ඇති අතර තවත් 92 ක් තුවාල ලබා තිබුණා.

පැයට කිලෝ මීටර් 230ක වේගයකින් පැමිණි මෙම යාගී සුළි කුණාටුව 2024 වසරේ පැමිණි දෙවන බලවත්ම නිවර්තන සුළි කුණාටුව වනවා.

මෙම කුණාටුව ඉදිරි පැය කිහිපය තුළ උතුරු වියට්නාමයට තද සුළං සහ සැලකිය යුතු කුණාටු රැල්ලක් ගෙන එනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මිලියනයකට අධික ජනතාවක් හයිනාන් සහ ගුවැන්ඩොං හි ආරක්ෂිත ප්‍රදේශ වෙත ඉවත් කර ඇති අතර අද (07) දින උදෑසන චීන රාජ්‍ය මාධ්‍ය පවසා ඇත්තේ, ගස් කඩා වැටී ප්‍රාදේශීය වශයෙන් ගංවතුරක් තත්ත්වය ඇති වූ බවයි.

කුණාටුව හේතුවෙන් එරට නිවාස 830,000කට පමණ විදුලිය විසන්ධි වූ නමුත් දැනටමත් නිවාස 260,000කට විදුලිය යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

විද්‍යාඥයින් අනාවරණය කරගෙන් ඇත්තේ මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික අර්බුද හේතුවෙන් සාගර කුණාටු වඩාත් තීව්‍ර වන බවයි.

යාගී සුළි කුණාටුව පිලිපීනයට ද සැළකිය යුතු බලපෑමක් කර ඇති අතර එරට පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති බව රොයිට‍ර් පුවත් සේවය වාර්තා කරනවා.

පිලිපීනයේ ලුසොන් හි ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 400 වර්ෂාපතනයක් වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?