වසරේ ප්‍රබලතම සුළි කුණාටුව වියට්නාමයට ඇතුළු වෙයි

යාගී සුළි කුණාටුව ඊයේ (06) චීන භූමියට දකුණින් පිහිටි සංචාරක දූපතකට ඇතුළු වීමෙන් අනතුරුව අද (07) වියට්නාමටය ඇතුළු වී තිබෙනවා.

චීනයට ඇතුළු වූ එම සුළි කුණාටුවෙන් පුද්ගලයින් 02 ක් මරණයට පත් වී ඇති අතර තවත් 92 ක් තුවාල ලබා තිබුණා.

පැයට කිලෝ මීටර් 230ක වේගයකින් පැමිණි මෙම යාගී සුළි කුණාටුව 2024 වසරේ පැමිණි දෙවන බලවත්ම නිවර්තන සුළි කුණාටුව වනවා.

මෙම කුණාටුව ඉදිරි පැය කිහිපය තුළ උතුරු වියට්නාමයට තද සුළං සහ සැලකිය යුතු කුණාටු රැල්ලක් ගෙන එනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මිලියනයකට අධික ජනතාවක් හයිනාන් සහ ගුවැන්ඩොං හි ආරක්ෂිත ප්‍රදේශ වෙත ඉවත් කර ඇති අතර අද (07) දින උදෑසන චීන රාජ්‍ය මාධ්‍ය පවසා ඇත්තේ, ගස් කඩා වැටී ප්‍රාදේශීය වශයෙන් ගංවතුරක් තත්ත්වය ඇති වූ බවයි.

කුණාටුව හේතුවෙන් එරට නිවාස 830,000කට පමණ විදුලිය විසන්ධි වූ නමුත් දැනටමත් නිවාස 260,000කට විදුලිය යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

විද්‍යාඥයින් අනාවරණය කරගෙන් ඇත්තේ මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික අර්බුද හේතුවෙන් සාගර කුණාටු වඩාත් තීව්‍ර වන බවයි.

යාගී සුළි කුණාටුව පිලිපීනයට ද සැළකිය යුතු බලපෑමක් කර ඇති අතර එරට පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති බව රොයිට‍ර් පුවත් සේවය වාර්තා කරනවා.

පිලිපීනයේ ලුසොන් හි ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 400 වර්ෂාපතනයක් වාර්තා වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30