ගෙවුණු ඔක්තෝම්බර් මාසයේ පළමු වනදා සිට 29 වනදා වන විට සංචාරකයින් 153,063ක් දිවයිනට පැමිණ තිබෙනවා.
එම කාල සීමාව තුල වැඩිම සංචාරකයින් පිරිසක් අසල්වැසි ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 44,741ක් බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ.
ඊට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 12,128ක් පැමිණ ඇති අතර, තෙවනුවට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර එම ගණන 10,450ක්.
චීනයෙන් සංචාරකයින් 10,408ක්, ජර්මන් 8,950ක් සහ ඔස්ට්‍රේලියාවෙන් සංචාරකයින් 7,226ක් එම කාලය තුළ දී දිවයිනට පැමිණ තිබෙනවා.
මේ අතර මෙම වසරේ ඔක්තෝබර් 29 දක්වා කාලය තුළ 1,878,557ක සංචාරකයින් සංඛ්‍යාවක් දිවයිනට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.





