වසන්ත මුදලිගේ බලන්න විපක්ෂ නායක යයි

රජය විසින් පුරවැසියන්ගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අඛණ්ඩව උල්ලංඝනය කරන ජාතියක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ක්‍රියාත්මක කිරීමට ජනතාවට නිදහස ලබාදිය යුතු බවත්, ඔවුන්ගේ අයිතීන් සීමා කිරීමට රජය ගන්නා ක්‍රියාමාර්ගවලට සමගි ජන බලවේගය විරෝධය පළ කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අත්අඩංගුවේ පසුවන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හමුවීමට රාගම ශික්ෂණ රෝහලට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ශ්‍රී ලංකාව තුළ අත්තනෝමතික බලයක් නිර්මාණය කිරීමේ අරමුණින් මැතිවරණ ප්‍රමාද කිරීම තුළින් රජය ජනතා අයිතීන් කඩ කරන බවට ප්‍රේමදාස මන්ත්‍රීවරයා චෝදනා කළා.

සමගි ජන බලවේගය හෝ එහි කිසිවෙකුත් කිසිවිටෙකත් එවැනි රජයක් සමඟ කටයුතු නොකරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

වසන්ත මුදලිගේ සහ තවත් පිරිසක් ඊයේ කැලණිය විශ්වවිද්‍යාලය අසල උද්ඝෝෂණයක් පැවැත්වීම හේතුවෙන් අත්අඩංගුවට ගැනුණා.

රෝහලට ගිය විපක්ෂනායකවරයා වසන්ත මුදලිගේ හමුවී ඔහුගේ තත්වය සම්බන්ධයෙන් විමසා බැලුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
12
+1
0
+1
0
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46