වසන්ත උත්සව නිවාඩු සමයේ චීනයේ පරිභෝජනයේ පුළුල් වර්ධනයක්

වසන්ත උත්සව නිවාඩු සමයේ චීනයේ පරිභෝජන අංශයේ පුළුල් වර්ධනයක් දැකිය හැකි බව චීන වාණිජ අමාත්‍යාංශය කියා සිටී.

අමාත්‍යාංශ ප්‍රකාශක He Yadong ඊයේ (22)දින පැවසුවේ, 2024 වසර සඳහා එය ප්‍රශස්ත ආරම්භයක් බවයි.

උත්සව සමයේ රන් සහ රිදී ඇතුළු ආභරණ අලෙවිය 23.8% කින් සහ ක්‍රීඩා හා විනෝදාස්වාද නිෂ්පාදන 15.6% කින් වර්ධනය වී ඇති අතර සන්නිවේදන උපකරණ අලෙවිය 10.4% කින් ඉහළ ගොස් ඇති බව ද අමාත්‍යාංශ සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් He Yadong පැවසූවා.

චීනයේ සේවා පරිභෝජනය ද මෙම කාලය තුළ මනා වර්ධනයක් පෙන්නුම් තිබෙනවා.

දේශීය සංචාරකයන් යුවාන් බිලියන 632.69 ක මුදලක් වැය කර ඇති අතර, එහි වාර්ෂික වර්ධනය 47.3% කි.

එසේම චීනයේ බොක්ස් ඔෆිස් සිනමා ආදායම ද යුවාන් බිලියන 8.02 ක වාර්තාගත අගයක් සපුරා තිබීම කැපීපෙනේ.

මීට අමතරව ඊ-වාණිජ්‍ය වේදිකා ඔස්සේ සිදුවන ක්ෂණික සිල්ලර විකුණුම්වල වාර්ෂික වර්ධනය 32.2% කින් ඉහළ ගොස් තිබෙන අතර ඇතැම් අන්තර්ජාල වේදිකාවන් හි පාපැදි සහ ස්කී ක්‍රීඩා උපකරණ අලෙවිය පෙර වසරට වඩා 50% ක වර්ධනයක් වාර්තා කර ඇති බව සඳහන්.

මේ අතර, රටේ පරිභෝජනය තවදුරටත් පුළුල් කිරීමේ ප්‍රවර්ධන ක්‍රියාකාරකම් මාලාවක් සංවිධානය කරමින් සිටින චීන වාණිජ අමාත්‍යාංශය ඒ සඳහා නිසි පියවර ක්‍රියාවට නංවා තිබෙනවා.

ඒ අනුව, වසරේ පළමු කාර්තුවේ දී චීන පාරිභෝගික වෙළඳපොළ ස්ථාවර වර්ධනයක් අත්කර ගනු ඇති බවට ද He Yadong විශ්වාසය පළ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?