වසන්ත උත්සව නිවාඩු සමයේ චීනයේ පරිභෝජනයේ පුළුල් වර්ධනයක්

වසන්ත උත්සව නිවාඩු සමයේ චීනයේ පරිභෝජන අංශයේ පුළුල් වර්ධනයක් දැකිය හැකි බව චීන වාණිජ අමාත්‍යාංශය කියා සිටී.

අමාත්‍යාංශ ප්‍රකාශක He Yadong ඊයේ (22)දින පැවසුවේ, 2024 වසර සඳහා එය ප්‍රශස්ත ආරම්භයක් බවයි.

උත්සව සමයේ රන් සහ රිදී ඇතුළු ආභරණ අලෙවිය 23.8% කින් සහ ක්‍රීඩා හා විනෝදාස්වාද නිෂ්පාදන 15.6% කින් වර්ධනය වී ඇති අතර සන්නිවේදන උපකරණ අලෙවිය 10.4% කින් ඉහළ ගොස් ඇති බව ද අමාත්‍යාංශ සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් He Yadong පැවසූවා.

චීනයේ සේවා පරිභෝජනය ද මෙම කාලය තුළ මනා වර්ධනයක් පෙන්නුම් තිබෙනවා.

දේශීය සංචාරකයන් යුවාන් බිලියන 632.69 ක මුදලක් වැය කර ඇති අතර, එහි වාර්ෂික වර්ධනය 47.3% කි.

එසේම චීනයේ බොක්ස් ඔෆිස් සිනමා ආදායම ද යුවාන් බිලියන 8.02 ක වාර්තාගත අගයක් සපුරා තිබීම කැපීපෙනේ.

මීට අමතරව ඊ-වාණිජ්‍ය වේදිකා ඔස්සේ සිදුවන ක්ෂණික සිල්ලර විකුණුම්වල වාර්ෂික වර්ධනය 32.2% කින් ඉහළ ගොස් තිබෙන අතර ඇතැම් අන්තර්ජාල වේදිකාවන් හි පාපැදි සහ ස්කී ක්‍රීඩා උපකරණ අලෙවිය පෙර වසරට වඩා 50% ක වර්ධනයක් වාර්තා කර ඇති බව සඳහන්.

මේ අතර, රටේ පරිභෝජනය තවදුරටත් පුළුල් කිරීමේ ප්‍රවර්ධන ක්‍රියාකාරකම් මාලාවක් සංවිධානය කරමින් සිටින චීන වාණිජ අමාත්‍යාංශය ඒ සඳහා නිසි පියවර ක්‍රියාවට නංවා තිබෙනවා.

ඒ අනුව, වසරේ පළමු කාර්තුවේ දී චීන පාරිභෝගික වෙළඳපොළ ස්ථාවර වර්ධනයක් අත්කර ගනු ඇති බවට ද He Yadong විශ්වාසය පළ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේ අත්අඩංගුවට ගැනීමට විරුද්ධව අත්සන් ලක්ෂයක්..ශානිටයි රවීටයි සුගීෂ්වරගෙන් සැර සත්තමක්
04:02
Video thumbnail
Praharaya | හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:30:10
Video thumbnail
තිරප්පන ප්‍රා.සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්.."හුන්ඩුව ඇතුළේ සේරුවලින් හොරකම් කරනවා.."
15:12
Video thumbnail
ජනපතිට බැනලා හරියන්නේ නෑ..මෙයාලට අයිති පෙට්‍රල් ළිං නෑනේ..QR එක ඇත්තටම හොඳයි
02:28
Video thumbnail
කෝටි දෙකහමාරකට අධික ගංජා වගාවක් වටලයි..කොහොමද සරුවට හැදිලා තියෙන හැටි
01:22
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝළිම්..දැන් එක දවසක ග#න තෙල් කළින් ගැ#වේ දවස් තුනකට
03:21
Video thumbnail
විශේෂ නිවාඩු දින දවසේ ගාල්ලේ නවතම තත්ත්වය මෙන්න - සමහර ආයතන පාළුවට ගිහිල්ලා
01:33
Video thumbnail
බණ්ඩාරගම වෙල්යායක හදිසියේම ඇතිවූ ගින්න - ළඟටවත් යන්න බෑ - අක්කර ගාණක් අළුවෙලා
01:05
Video thumbnail
ජනාධිපතිවරයා සහභාගී වන විශේෂ මාධ්‍ය හමුව 🔴 LIVE
21:31
Video thumbnail
ගෝඨාභය ගැන පාඨලීගෙන් ප්‍රබල හෙළිදරව්වක්..හමුදා බුද්ධි අංශ අන්තවාදි කල්ලි එක්ක සබඳතා තිබිලා..
03:30