වසන්තගේ ඝාතකයින් පැන ගිය දෙවැනි රථය ද සොයා ගැනේ

Update:- අතුරුගිරියේ දී අද (08) පෙරවරුවේ ප්‍රසිද්ධ ව්‍යාපාරික ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත ඇතුළු පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරුවන් පලා ගිය දෙවැනි රථය ද පොලිස් භාරයට ගැනීමට මීට ටික වේලාවකට පෙර හැකි වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ; මෙම අපරාධකරුවන් දෙවැනි වර ගොඩවුණු සුදු පැහැති වෑන් රථය ද බුලත්සිංහල – දෙල්මැල්ල ප්‍රදේශයේ මාර්ගයක දමා ගොස් තිබියදී සොයා ගත් බවයි.

අද පෙරවරුවේ අතුරුගිරිය නගරයේ ටැටූ නිර්මාණ කටයුතු සිදු කරන ආයතනයක් විවෘත කිරීමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූ ක්ලබ් වසන්ත නොහොත සුරේන්ද්‍ර වසන්ත සහ එම ප්‍රදේශයේ ම වෙසෙන නයන වාසල නමැත්තෙකු මෙම වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වුණා.

එම වෙඩි පහරින් මෙරට ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවා, සුරේන්ද්‍ර වසන්තගේ බිරිඳ සහ ව්‍යාපාරික ආයතනය හිමිකරුගේ බිරිඳ ඇතුළු සය දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

වෙඩි තැබීමෙන් පසු අපරාධකරුවන් දෙදෙනා පැමිණි සුදු පැහැති මෝටර් රථයෙන් අතුරුගිරියේ සිට කඩුවෙල දක්වා පලා ගිය අතර; පසුව කොරතොට ප්‍රදේශයේ දී ඔවුන් මෝටර් රථයෙන් බැස සුදු පැහැති වෑන් රථයකට මාරුවෙන අයුරුයි අසල සවිකර තිබූ සීසීටීවී දර්ශනවල සටහන් ව ඇත්තේ.

පසුව ඔවුන් පැන ගිය වෑන් රථය සොයා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ කටයුතු ආරම්භ කළ අතර; එහි ප්‍රතිඵලයක් ලෙසයි මහ මග දමා ගොස් තිබූ මෙම වෑන් රථය අද රාත්‍රියේ දී පොලිසිය විසින් සොයා ගනු ලැබුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
5
+1
2
+1
8
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?