වසන්තගේ ඝාතකයින් පැන ගිය දෙවැනි රථය ද සොයා ගැනේ

Update:- අතුරුගිරියේ දී අද (08) පෙරවරුවේ ප්‍රසිද්ධ ව්‍යාපාරික ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත ඇතුළු පිරිසකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරුවන් පලා ගිය දෙවැනි රථය ද පොලිස් භාරයට ගැනීමට මීට ටික වේලාවකට පෙර හැකි වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ; මෙම අපරාධකරුවන් දෙවැනි වර ගොඩවුණු සුදු පැහැති වෑන් රථය ද බුලත්සිංහල – දෙල්මැල්ල ප්‍රදේශයේ මාර්ගයක දමා ගොස් තිබියදී සොයා ගත් බවයි.

අද පෙරවරුවේ අතුරුගිරිය නගරයේ ටැටූ නිර්මාණ කටයුතු සිදු කරන ආයතනයක් විවෘත කිරීමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූ ක්ලබ් වසන්ත නොහොත සුරේන්ද්‍ර වසන්ත සහ එම ප්‍රදේශයේ ම වෙසෙන නයන වාසල නමැත්තෙකු මෙම වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වුණා.

එම වෙඩි පහරින් මෙරට ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවා, සුරේන්ද්‍ර වසන්තගේ බිරිඳ සහ ව්‍යාපාරික ආයතනය හිමිකරුගේ බිරිඳ ඇතුළු සය දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

වෙඩි තැබීමෙන් පසු අපරාධකරුවන් දෙදෙනා පැමිණි සුදු පැහැති මෝටර් රථයෙන් අතුරුගිරියේ සිට කඩුවෙල දක්වා පලා ගිය අතර; පසුව කොරතොට ප්‍රදේශයේ දී ඔවුන් මෝටර් රථයෙන් බැස සුදු පැහැති වෑන් රථයකට මාරුවෙන අයුරුයි අසල සවිකර තිබූ සීසීටීවී දර්ශනවල සටහන් ව ඇත්තේ.

පසුව ඔවුන් පැන ගිය වෑන් රථය සොයා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ කටයුතු ආරම්භ කළ අතර; එහි ප්‍රතිඵලයක් ලෙසයි මහ මග දමා ගොස් තිබූ මෙම වෑන් රථය අද රාත්‍රියේ දී පොලිසිය විසින් සොයා ගනු ලැබුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
5
+1
2
+1
8
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40