වසංගතය වසන් කරන්න ගියොත් අපිත් වසන්වෙලා යයි -රාජ්‍ය ඇමතිනි සුදර්ශනී

දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවට වඩා තුන් ගුණයක පමණ ආසාදිතයින් පිරිසක් සමාජය  තුළ සිටිය හැකි බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.

ඇය පවසන්නේ එම ආසාදිතයින්ගෙන් තව තවත් රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බවය.

“ඊයේ තුන් දහස් පන්සියයක රෝගීන් සංඛ්‍යාවක් දෛනික දත්ත වාර්තා වෙනවා. හැබැයි සමාජයේ මීට වඩා රෝගීන් ඉන්න පුළුවන්. 3,500ක් වාර්තා වෙනවා කියන්නේ ඒ වගේ තුන් ගුණයක් විතර සමාජයේ ඉන්න පුළුවන්. මේ අයගෙන් තවදුරටත් සමාජය තුළ පැතිරීම සිදුවෙන්න පුළුවන්. ජනතාවට ගෙවල්වලට වෙලා ඉන්න කිව්වත්, ඔත්තේ ඉරට්ටේ දවස්වල යන්න කිව්වත් ජනතාව වැඩි වශයෙන් පාරවල්වල ඉන්නවා. පාරවල් හිස්වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නෑ. මේ පැතිරීම වළක්වා ගන්න නම් ගෙදරටම වෙලා ඉන්න ඕනේ. අත්‍යාවශ්‍ය කාරණයකට හැර එළියට යන්න එපා කියලා රටේ ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා.“

මේ අතර මාධ්‍ය වෙත ප්‍රකාශ ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිලධාරින්ට නිකුත් කර ඇති චක්‍රලේඛය පිළිබඳ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරියගෙන් කළ විමසීමකදී ඇය පවසා සිටියේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය නිලධාරීන්ට විනයක් ඇති බවය.

ඒ නිසාවෙන් කිසිවෙකුටත් සිතූ පමණින් අවශ්‍ය දේ මාධ්‍යයට පැවසිය නොහැකි බවත් එයින් ජනතාව අපහසුතාවයට පත්වන බවත් ඇය සඳහන් කළාය.

“ජනතාව දැන් බුද්ධිමත් නිසා ජනතාව දන්නවා වෛද්‍ය කාරණාවලදී තෝරා බේරාගෙන පිළිගත යුත්තේ කාව ද කියන එක. ජනතාව අවබෝධයෙන් ඉන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ විවිධ අය ගිහින් විවිධ ප්‍රකාශ කරන කොට ජනතාව අසීරුතාවයට පත් වෙනවා.“

ප්‍රශ්නය – චෝදනාවක් තිබෙනවා සැබෑ තත්ත්වය වසන් කරන්න රජය සුදානමක් ඇති බවට ?

“ඒකේ කිසිම සත්‍යතාවයක් නෑ. මේ වසංගතය වසන් කරන්න ගියොත් අපිත් වසන් වෙලා යයි.“

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09