වවුනියාව දිස්ත්‍රික්කයේ කාන්තා ගෘහමූලික පවුල් 7,999ක් ජීවත්වන බව අනාවරණය වී තිබෙනවා.
කාන්තා ගෘහමූලික පවුල්වල ආර්ථික හා සමාජීය තත්ත්වය උසස් කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනක දී මේ නව අනාවරණය වුණා.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) මෙම වැඩසටහන පැවැත් වුණා.
2026 අයවැය ප්‍රතිපාදන යටතේ කාන්තා ගෘහමූලික පවුල් සංවර්ධනය සඳහා ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී පැහැදිලි කරමින්, එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී කාර්යසාධනය වැඩිදියුණු කිරීමේ වැදගත්කම අවධාරණය කෙරුණා.
දරුවන් සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ දී පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව මුහුණ දෙන ගැටළු සහ පරිවාස භාරයේ සිටින ළමුන් සම්බන්ධයෙන් ඇතිවන ප්‍රශ්න පිළිබඳව ද සාකච්ඡා කරමින් විසඳුම් මාර්ග සොයා බැලීමට කටයුතු කළා.
මෙම වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා සමස්ථ චීන කාන්තා සම්මේලනය විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කාන්තා සංසදය වෙත ලබාදුන් ළදරු හා කාන්තා සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක්, වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරයා වෙත භාරදීම ද සිදුකෙරුණා.













