වවුනියා දිස්ත්‍රික්කයේ කාන්තා ගෘහමූලික පවුල් 7,999ක්

වවුනියාව දිස්ත්‍රික්කයේ කාන්තා ගෘහමූලික පවුල් 7,999ක් ජීවත්වන බව අනාවරණය වී තිබෙනවා.

කාන්තා ගෘහමූලික පවුල්වල ආර්ථික හා සමාජීය තත්ත්වය උසස් කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනක දී මේ නව අනාවරණය වුණා.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) මෙම වැඩසටහන පැවැත් වුණා.

2026 අයවැය ප්‍රතිපාදන යටතේ කාන්තා ගෘහමූලික පවුල් සංවර්ධනය සඳහා ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී පැහැදිලි කරමින්, එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී කාර්යසාධනය වැඩිදියුණු කිරීමේ වැදගත්කම අවධාරණය කෙරුණා.

දරුවන් සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේ දී පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව මුහුණ දෙන ගැටළු සහ පරිවාස භාරයේ සිටින ළමුන් සම්බන්ධයෙන් ඇතිවන ප්‍රශ්න පිළිබඳව ද සාකච්ඡා කරමින් විසඳුම් මාර්ග සොයා බැලීමට කටයුතු කළා.

මෙම වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා සමස්ථ චීන කාන්තා සම්මේලනය විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කාන්තා සංසදය වෙත ලබාදුන් ළදරු හා කාන්තා සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගයක්, වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරයා වෙත භාරදීම ද සිදුකෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය හවුස් ෆුල්
01:13
Video thumbnail
Dasatha Vimasuma|ජනතාවගෙන් ආණ්ඩුවට දැඩි චෝදනා..අවු:5කට සැරයක් අපි කෝටිපතියො බිහිකරනවා
03:42
Video thumbnail
ජනපති කළ ප්‍රකාශයට අජිත්ගෙන් සැර පිළිතුරක් - ඔයා මේ රටේ අයිතාකාරයා නෙවෙයි..භාරකරු
04:14
Video thumbnail
Dasatha Vimasuma| ආණ්ඩුව පත් කරන්න ඡන්දය දුන්නට අපි දුක් වෙනවා..සුදා කියන එකා මහින්දට බනිනවා
01:51
Video thumbnail
සෙංකඩගල අවසන් රන්දෝලි පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක් - පෙරහර සංදේශය ජනපතිට ලබාදීමේ උත්සවය හෙට
02:45
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ? "මාලිමාවේ සභාපති තමයි මේ සේරම කරන්නේ"
08:51
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය - දිරවන්නේ නැතුව සත්තු වේදනා විදිනවා..වසුරුවල සෑහෙන ෂොපින්
03:19
Video thumbnail
බෝක්කු උඩ, පාලම්ගාව දෙන වොයිස් කට්වලින් අධිකරණ තීරණ ගන්නේ නෑ - විපක්ෂයට සැර සත්තමක්
01:56
Video thumbnail
"අනේ වැව්වල මල් නෑ - සේරම හිදිලා ගිහිල්ලා" මල් හිඟවීම නිසා මල් විකුණා ජීවිකාව ගෙනයන පවුල් අසරණවෙයි
02:20
Video thumbnail
අද විපක්ෂය පදිරිවෙලා, හික් ගෑවිලා ඉන්නේ - ආණ්ඩුව කරපුවා කියන්න විපක්ෂය ලැජ්ජයි
04:45