වරෙන්තු මත සිටි මහින්දානන්ද අධිකරණය භාරවෙයි

අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර සිටින හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ භාර වී තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂ රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

එම විමර්ශනය අදාළව ප්‍රකාශයක් ලබාදීමට පසුගිය 04 වනදා අල්ලස් කොමිසම හමුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණ ද හිටපු අමාත්‍යවරයා ඒ සදහා පැමිණ තිබුනේ නැහැ.

ඒ, සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය සිකුරාදා (16) වරෙන්තු නිකුත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
0
+1
13
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?