වරාය වෘත්තිය ක්‍රියාමාර්ගයට එරෙහිව වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිති හෙට (28) පැවැත්වීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එරෙහිව කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ දිසා අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ වරාය අධිකාරියේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට බාධාවන ආකාරයෙන් සිදු කිරීමට නියමිත කුමන හෝ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එරෙහිවයි.

ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දෛනික මෙහෙයුම් හා පරිපාලන කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමටත් ඒ තුළින් සැපයිය යුතු අත්‍යවශ්‍ය සේවාවන් නොකඩවා පවත්වාගෙන යාමටත් මෙම වාරණය තුලින් වරාය අධිකාරිය බලාපොරොත්තුවෙන් පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?