වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත මැතිසබයට ඉදිරිපත් කරන්න අනුමැතිය

බදු දිරිගැන්වීම් අනුකූලතාව සහ අධීක්ෂණය ශක්තිමත් කිරීම හා ආයතනික ප්‍රතිසංවිධානය සඳහා වන සංශෝධනයන් ඇතුළත්ව 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත සංශෝධනය කිරීම පිණිස 2025-07-07 සහ 2025-10-13 යන දින වලදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇති බව සඳහන්.

එකී පනත් කෙටුම්‍පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?