වර්ෂාවට සේදුනු පසමිතුරු ගැටුම අද යළිත්

වර්ෂාව හේතුවෙන් ඊයේ (10) අතර මග නතර කෙරුණු ආසියානු කුසලාන එක්දින තරගාවලියේ සුපිරි හතර වටයේ ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය අද (11) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ඇඳ හැලුණු වර්ෂාව නිසා තරගය නතර කරන විට පළමුව පන්දුවට පහර දෙන ඉන්දීය කණ්ඩායම පන්දුවාර 24යි පන්දුවක් අවසානයේ කඩුලු 02ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 147ක්.

එහිදී ඉන්දීය ආරම්භක පිතිකරු යුගළය අර්ධ ශතක රැස්කරමින් පළමු කඩුල්ලට ශතක සබඳතාවක් ගොඩනැඟීමට සමත් වුණා.

තරගය ඊයේ දිනයේ දී වර්ෂාව හේතුවෙන් නතර කරන විට විරාට් කෝලි සහ ලෝකේෂ් රාහුල් නොදැවී කඩුල්ලේ රැඳී සිටියා .

ඒ, අනුව ඊයේ තරගය නතර කළ තැන සිට අද (11) පස්වරු 3.00ට තරගය යළි ආරම්භ කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?