වර්ජනයේ නියුතු සෞඛ්‍ය සේවකයින්ට හෙන ඉල්ලයි

සෞඛ්‍ය අංශයේ වැඩ වර්ජනයේ නිරතවන සෞඛ්‍ය සේවකයන්ට හෙන 7ක් ගැසිය යුතු බවට අපහසුතාවයට පත් ජනතාව සඳහන් කරන බවත් හෙන 7ක් නොව දහස් සංඛ්‍යාත හෙන ගැසිය යුතු බවට තමා සඳහන් කරන බවත් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසනවා.

ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා වැඩවර්ජන සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා ලෙස අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බව අපරාධ නඩු විධාන සංග්‍රහය(සංශෝධන) පනත් කෙටුම්පත ඇතුලු පනත් කෙටුම්පත් කිහිපයක් සම්බන්දයෙන් අද දෙවන දිනටත් පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

“දැන් දින 3ක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩ වර්ජනයක් යනවා. මේ වැඩ වර්ජනය තුල කවුද දුක් විදින්නේ? අහිංසක මිනිස්සු නොකා නොබී ඇවිල්ලා බෙහෙත් ටික ගන්න නෑ. ලේ කඳුලු අඩන්නේ. අඩලා කියනවා අනේ හෙන 7 ගහනවා මේ වැඩ වර්ජනය කරන අයට කියලා. ඇත්තටම හෙන 7 ගහන්න ඕනී. මේ රට ගෝලීය වසංගතයට මුහුණ දීලා තිබෙන වෙලාවේ ගුරුවරුන්ගේ වර්ජනයක් ඇති වෙලා අවුරුදු 24ක් ආණ්ඩු වලට කරන්න බැරි වුනු වැඩේදී ගුරුවරුන්ට පිළිතුරක් දීපු ගමන් ඒක පදනම් කරගෙන තව කෙනෙක් වැටුප් විෂමතාවයක් කියලා කියනකොට, මේ විදියට යන්න ගියොත් මොකක්ද සිදු වන්නේ? කාවද මොවුන් පළිහක් කරගෙන තිබෙන්නේ? මේ පළිහක් කරගෙන තිබෙන්නේ මේ රටේ අහිංසක රෝගී ජනතාව. රෝහල් වලට ගියාම පුදුම වේදනාවක් ඇතිවෙනවා.

මම දැක්කා මේ පාර්ලිමේන්තුවටත් ඇවිත් ගිය පිරිමි නර්ස්ව. ඔහු යහපාලන ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ඔඩොක්කුවේ හිටියේ. ඒ වගේම හිටපු සෞඛ්‍ය ඇමතිවරයාගේ කරට අත දාගෙන හිටියේ. එලෙස ඔඩොක්කුවේ නැලවෙන ගමන් කියන්න තිබුනනේ අපිට වැටුප් විශමතාවයක් තිබුණා කියලා. මම කියන්නේ ඔබතුමන්ලා ආණ්ඩු කළත් අපි ආණ්ඩු කළත් මේ රටේ සෞඛ්‍ය සේවාව , මිනිස්සු කීයක් මිය යනවා ඇතිද බෙහෙත් පෙත්තන් බොන්න නැතිව.

මේවට නීති ගේන්න ඕනී. මේවා අත්‍යාවශ්‍ය සේවාවක්. වෘත්තීය සමිති නායකයන්ට අයිතීන් දිනා ගැනීමේ අයිතියක් තිබෙනවා. ඒත් ඒකට ක්‍රමවේදයක් තිබෙන්න ඕනී. වෘත්තීය අයිතිවාසිකම් කියලා මිනිස්සුන්ව මරණවා. මිනිස්සු බෙහෙත් ගන්න බැරිව මැරෙනවා. මේ රටේ ඉන්න සෑම පුද්ගලයෙකුටම පුලුවන්ද පෞද්ගලික රෝහල් වලට ගිහින් බෙහෙත් ගන්න. ගන්න බෑ. අඩු ගානේ තෙතමනයක් නැද්ද මේ මිනිස්සුන්ට.

ඔවුන්ට තිබෙන්නේ වෙන කිසිදෙයක් නෙවෙයි ආණ්ඩු විරෝධී රැල්ලක් හදන්න. මේ වෙලාවේ උත්සහ කරන්නේ අහිංසක මිනිස්සුන්ව බිල්ලට දෙන්න. ඊයේ දවසේ මම දැක්කා එක කාන්තාවක් කියනවා හෙන 7 ගහන්න ඕනී කියලා. හෙන 7ක් නෙවෙයි දහස් සංඛ්‍යාත හෙන ගහන්න ඕනී. මේ වැරැද්ද නිවැරදි වෙන්න ඕනී. මම අධිකරණ ඇමතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා මේ සම්බන්දයෙන් අවධානය යොමු කරන්න. මේ අත්‍යාවශ්‍ය සේවාවන් වෙනුවෙන් මේ විදියට කරන්න ගත්තොත් මේ රටේ ජනතාවගේ ආනාගතය ගැන ප්‍රශ්නයක් එනවා. මේ වැරදී දේට කවුරු හරි තීන්දුවක් දෙන්න ඕනි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර රැඳවියන් 49කට ජනාධිපති සමාව
00:52
Video thumbnail
විනාශ වීගෙන යන ක්‍රිකට් ගැන හිටපු ක්‍රීඩා ඇමති කිව්ව දේ..අපේ කොල්ලන්ට හූ කියන්න එපා
04:40
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා මෙරටට වැඩම කරවීම
00:00
Video thumbnail
බදුල්ලේ වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..මෙන්න නවතම දර්ශන
01:33
Video thumbnail
ලෝකයේ පළමු වතාවට බෞද්ධයන්ට ලැබුණු උතුම් අවස්ථාව..ගංගාරාම විහාරාධිපතිගෙන් විශේෂ පණිඩුඩයක්
05:52
Video thumbnail
කාදිනල් හිමිගෙන් මැති ඇමතිලට සැර සත්තමක්..කොච්චර පොරොන්දු දුන්නත් රට විනාශකාරි මාවත වෙත යන්නේ
07:32
Video thumbnail
හර්ෂද සිල්වා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ මෙන්න..75ක සා#ඵය ජනපති විසින් ප්‍රතික්ෂේප කළා
02:55
Video thumbnail
බලන්නකෝ රට රකින විරුවන්ගේ බලය..ආචාර පෙළපාලියෙන් හැඩවුණු 78වන නිදහස් දිනය
06:44
Video thumbnail
නිදහස් දවසෙත් රට පිරිසිදු කරන්න තමන්ගේ නිදහසත් කැප කරන මිනිස්සු..අපි හිත සතුටින් කරන්නේ මේ හැමදේම
04:10
Video thumbnail
අභිමානවත් 78 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල - සජීව විකාශය / කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ සිට
02:36:07


?