වර්ජනයෙන් තැන තැන පාළුවට ගිය හැටි

වත්මන් පාලනයට එරෙහිව වෘත්තීය සමිති රැසක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල රාජ්‍ය හා පෞද්ගලික සේවා ආයතන රැසක සේවාවන් මන්දගාමී ස්වභාවයක් පවතී. බොහෝ නගර සුළු පාළුව ස්වභාපයක් ගෙන තිබුණි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ඉතා සීමිත ප්‍රමාණයක් ගොවීන් රැගෙන විත් තිබුණත් ඒවා මිලදී ගැනීම්ට  වෙළෙන්දන් නොපැමිණීම නිසා ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු තබා තිබෙන අයුරු දැක ගැනීමට හැකිවිය

බොහෝ ප්‍රදේඑහවල ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් ර‍ෙ ධාවනය වූ අතර  පෞද්ගලික බස් රථ ද සීමා සහිතව ධාවනයට යොදවා තිබෙන අයුරු දැක ගැනීමට හැකිවිය

වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙුණු බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ජනතාව අපහසුතාවයට පත්ව ඇති මොහොතක හෝ රෝහල්ට පැමිණිෙන රෝගීන් අපහසුතාවයට පත් නොකොට එහි ප්‍රතිකාර කටයුතු සිදු කරන බව හෙතෙම සඳහන් කළේය.

බොහෝ  රාජ්‍ය ආයතන විවෘතව තැබුණත් සේවා ලබා ගැනීමට එන මහජනතාව ඉතා අල්ප බව සේවකයෝ පවසති.

පාසල් බොහොමයක ගුරුවරුන් හෝ පාසල් සිසුන් නොපැමිණි අතර පාසල් වසා දමා තිබෙන අයුරු දැක ගැනීමට හැකිවිය. බොහෝ නගවෙල ද වෙනදා මෙන් නොව ජනතාවගේ අඩු තත්ත්වයක් දැක ගැනීමට හැකි වීම විශේෂත්වයකි.

ඇතැම් දුම්රිය ස්ථානවලට වෙනදා මෙන් මගීන්ගෙන් පිරී නොසිටි අයුරු දැකගත හැකි වුවත් මගීන් කීපදෙනකු දුම්රියක් එනතුරු බලා සිටියහ. නමුත් දුම්රිය ධාවනයක කටයුතුවල වර්ධනයක් නොතිබූ අතර දුම්රිය ප්‍රවේශපත් කවුලුද වසා දමා තිබිණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17