වයස අවුරුදු 75 ක පස් දරු මවක් විදුලි සැර වැදී මරුට

ඌව පරණගම වැලිඋල්ල , කිරිඔරුව ප්‍රදේශයේ කාන්තාවක් මෙලෙස විදුලි සැර වැදී මියගොස් තිබෙනවා.

ඊයේ (24) උදෑසන 6 ට පමණ මෙම කාන්තාව ඇයට අයත් තේ වත්තක දළු නෙළීම සඳහා නිවසින් පිටව ගොස් තිබෙන අතර ඊයේ සවස් වන විටත් අදාළ කාන්තාව නිවසට නොපැමිණි නිසා නිවැසියන් සිය මව සොයා ගොස් ඇති අතර, සතුන් මැරීම සඳහා අටවන ලද විදුලි රැහැනක පැටලී සිට අදාළ කාන්තාව සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඌවපරණගම පොලිසිය එම ස්ථානයට පැමිණ පරික්ෂා කිරීමෙන් අනතුරුව,කිසියම් පුද්ගලයකු සතුන් දඩයම් කිරීමේ අරමුණින් විදුලි රැහැනක් අටවා ඇති අතර එයට පැටලි අදාළ කාන්තාව මිය යන්නට ඇතැයි සැක කෙරෙන ලදී.

සිද්ධිය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය සිදුකර මෘත ශරීරයේ වැඩිදුර පරීක්ෂණ සඳහා ඌව පරණගම ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34